Breaking News

පුරවැසි ජනමත විචාරණය.

§ එය කුමක් සඳහාද? ඉන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

2025 ජූනි 8 සහ 9 වන දින, ඉතාලියේ ස්ථිරව පදිංචිව සිටින විදේශිකයින් හට පුරවැසිභාවය සඳහා ඉල්ලූම් කිරීමේ කාලය වෙනස්කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ප‍්‍රකාශ කරන ලෙස ඉතාලි ඡුන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනු ඇත. ඉතාලි පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල පදිංචි කාලය අඩු කිරීමට යෝජනා කිරීම සඳහා විවිධ සිවිල් සහ සමාජ සංවිධාන විසින් පුරවැසි ජනමත විචාරණය දිනා ගන්නට සමත් වූ අතර (තවත් කරුණු 4ක් මෙයට ඇතුලත් වේ) දැන් තිබෙන්නේ එයට පක්ෂව ඡුන්දය ලබා දී ජයග‍්‍රහණය කරවීමයි. මෙම ජනමත විචාරණයට ස්තූතිවන්ත වන්නට, ඉතාලි පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ඉතාලියේ නීත්‍යානුකූල පදිංචිය වසර 10 සිට 5 දක්වා අඩු කරනු ලබන අතර, එය ලබා ගත් පසු, කෙනෙකුගේ බාල වයස්කාර පුතුන් සහ දියණියන් වෙත ස්වයංක‍්‍රීයව පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාව ලැබේ.

ජනමත විචාරණ ඉල්ලීම ඇතුලූ කරුණු 5කට අධිකරණයේ අනුමැතිය ලැබුණු අතර ඒ අනුව මෙම මහජන ඡුන්දයකට මග පෑදීය.

  1. නීති විරෝධී ලෙස සේවයෙන් පහ කිරීම නැවැත්වීම.
  2. කුඩා ව්‍යාපාරවල සේවකයින් සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදීම.
  3. අස්ථිර රැකියා අවම කිරීම.
  4. රැකියා ස්ථානයේ වැඩි ආරක්ෂාවක් තහවුරු කිරීම.
  5. ඉතාලි පුරවැසිභාවය සමග වැඩි සංහිඳියාවක් ගොඩ නැගීම.

ලිපියේ මෙම කොටසින් පුරවැසිභාවය පිළිබඳ යෝජනාව වෙත වැඩි අවධානයක් යොමු කරමු. ඒ තුලින් ප‍්‍රධාන වශයෙන් ඉලක්ක ගත වන්නේ දිගු කලක් ඉතාලියේ ජීවත් වන යුරෝපා සංගම් නොවන විදේශිකයින්වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සමාජ හා රැකියා ක්ෂේත‍්‍රයන්හි පරිපූර්ණ ලෙස අනුබද්ධ වී ඇති නමුත් (Perfettamente integrati) තවමත් පූර්ණ පුරවැසිභාවය සහ එයට සම්බන්ධ දේශපාලන අයිතිවාසිකම් ඔවුන් හට හිමි වී නොමැත.

මෙහිදී විවාදයට ලක්ව ඇති ප‍්‍රධාන කාරණය වන්නේ ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වසර දහයක පදිංචිය අවශ්‍යතාවයක් ලෙස පවත්වා ගැනීම නිවැරදිද? නැතහොත් යෝජිත වසර පහ වැනි කෙටි කාලයක් වඩාත් සාධාරණද යන්නයි. එමෙන්ම සමාජගත කිරීමේ මූලධර්මවලට අනුකූලව මෙම වසර 5 ප‍්‍රමානවත් වේවිද? මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු නීත්‍යානුකූලභාවය ගැන පමණක් නොව දේශපාලන හා සංස්කෘතික ද වන අතර මෙම ජනමත විචාරණය තුලින් පුරවැසියන් වෙත මෙම විවාදය සෘජුවම ගෙන යෑමේ මෙවලමක් ලෙස අප එම අදහස නියෝජනය කල යුතු වෙමු.

ඉතාලි පුරවැසිභාවය ලබා දීමේ වත්මන් ස්වභාවය

පුරවැසි ජනමත විචාරණයේ ඇති වැදගත්කම තක්සේරු කිරීම සඳහා, දැනට ක‍්‍රියාත්මක වන නියාමන රාමුවෙන් එය තේරුම් ගැනීම ආරම්භ කිරීම ප‍්‍රයෝජනවත් වේ. 1992 අංක 91. වන වගන්තියට අනුව දැනට පවතින නීතිය යුරෝපයේ ඉල්ලූම් කිරීමේ කාලය වැඩිම රටවල් අතර වේ. (1992 පනතේ අංක 91 හි 9, තුලින් එතෙක් පැවති ඉතාලියේ අඛණ්ඩ නීත්‍යානුකූල පදිංචිය වසර පහේ සිට දහය දක්වා වැඩි කරන ලදී).
කෙසේ වෙතත්, ඊට අදාල ව්‍යතිරේක කිහිපයක් තිබේ. යුරෝපීය සංගමයේ පුරවැසියන්ට වසර හතරක පදිංචියෙන් පසු අයදුම් කළ හැකිය. දේශපාලන සරණාගතයින් සහ රටක් නැති පුද්ගලයින් සඳහා මෙම කාලය වසර 5ක් වේ. එමෙන්ම දෙවන පරම්පරාව දක්වා ඉතාලි සම්භවයක් ඇති විදේශිකයන්ට හෝ ඉතාලියේ උපත ලැබූ දරුවන් හට වසර තුනක් ප‍්‍රමාණවත් වේ.

ඉතාලි පුරවැසියකු සමග විවාහයෙන් හෝ සිවිල් එකමුතුවෙන් පුරවැසිභාවය ඉල්ලා සිටිය හැකි අතර ඊට විවාහ වූ දින සිට ඉතාලියේ වසර දෙකක නිත්‍යානුකූල පදිංචියෙන් පසුව හෝ ඔබ විදේශයක පදිංචි නම් වසර තුනකට පසුව අයදුම්පත ඉදිරිපත් කළ හැකිය. එවන් යුවළක් වෙතින් උපත ලද හෝ දරුකමට හදාගත් දරුවන් සිටී නම් පිළිවෙලින් අවුරුදු එකක් හෝ අවුරුදු එකහමාරක් දක්වා කාලය අඩකින් අඩු වේ.

ඉතාලියේ ජනමත විචාරණ ක‍්‍රියා පටිපාටිය

ඉතාලි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි අවලංගු කිරීමේ ජනමත විචාරණය, නීතියක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අවලංගු කරන ලෙස හෝ නීතියේ බලය ඇති ක‍්‍රියාවක් ඉල්ලා සිටීමට පුරවැසියන්ට ඉඩ සලසයි. එවන් ජනමත විචාරණයක් දිනා ගන්නට නම්, අවම වශයෙන් ඡුන්ද දායකයින්ගේ අත්සන් 500,000 ක් හෝ කලාප සභා පහක් විසින් එය ඉල්ලා සිටිය යුතුය. එසේ සිදුකෙරෙන ඉල්ලීම අධිකරණය විසින් සත්‍යාපනය කරනු ලබන අතර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පිළිගත හැකි බවද තක්සේරු කරයි.

පුරවැසිභාවය ඇතුලූ මෙවර පැවැත්වෙන ජනමත විචාරණයේදී, මෙම අවස්ථා දෙකම දැනටමත් ධනාත්මක ප‍්‍රතිඵලයක් සහිතව සිදුවී ඇත. දැන් ඇත්තේ අවසාන සීමාව තරණය කිරීමයි. ජනමත විචාරණය වලංගු වීමට නම්, ඡුන්ද හිමි අයගෙන් අවම වශයෙන් 50% ක් ඡුන්ද පොළට යා යුතුය. එසේ නොමැති නම්, ඡුන්දය දුන් අයගෙන් බහුතරයක් වත්මන් රීතිය අවලංගු කිරීමට ඡුන්දය දුන්නද, ප‍්‍රරතිඵලයට නීතිමය බලයක් හිමි වන්නේ නැත.

විදේශීය බාලවයස්කරුවන්ට ජනමත විචාරණයේ ඇති බලපෑම

පුරවැසි ජනමත විචාරණයේ වඩාත්ම සාකච්ඡුා කරන ලද එක් අංගයක් වන්නේ විදේශීය බාලවයස්කරුවන්ට, විශේෂයෙන් ඉතාලියේ උපන් හෝ හැදී වැඩුණු අයට අත්වන එහි ප‍්‍රතිවිපාක ගැන ය. ජනමත විචාරණ ප‍්‍රශ්නය (ius soli fyda හෝ culturae&) (මෙය වයස 18ටපෙර පුරවැසිභාවය ලබා දීම හෝ ඉතාලියේ නූපන් එහෙත් කුඩාකල සිට එහි හැදී වැඩෙන දරුවන් සඳහා පුරවැසි අයිතිය ලබා ගැනීම වෙනුවෙන් සකස් කල කෙටුම්පත්* ගැන සෘජුව සැලකිල්ලක් නොදක්වන නමුත්, ඉතාලියේ උපන් හෝ ඉගෙනුම ලබන අයට පුරවැසිභාවය සඳහා ප‍්‍රවේශය, පදිංචි අවශ්‍යතාවය වසර පහකට අඩු කිරීම බොහෝ බාල වයස්කරුවන් ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ ක‍්‍රියාවළියට වක‍්‍ර සහයෝගයක් වනු ඇත.
දැනට, ඉතාලි නොවන දෙමාපියන්ට දාව ඉතාලියේ උපන් විදේශීය බාල වයස්කරුවෙකු හට ස්වයංක‍්‍රීයව පුරවැසිභාවය නොලැබේ. කෙසේ වෙතත්, එම දරුවන් උපතේ සිට ඉතාලියේ නීත්‍යානුකූලව සහ අඛණ්ඩව පදිංචිව සිටියේ නම් ඔවුන්ට පුරවැසිභාවය හිමි වන්නේ වයස අවුරුදු දහ අට සම්පූර්ණ වූ පසුවය. ඒ හැර විදේශයක උපත ලබා කුඩා කාලයේම ඉතාලියට පැමිණි දරුවන් හට එම අවස්ථාවද හිමි වන්නේ නැත.

ස්ථීර පදිංචි කාලය වසර දහයේ සිට පහ දක්වා අඩු කිරීම තුලින් කෙටි කාලයක් තුළ දෙමාපියන්ට පුරවැසිභාවයට ප‍්‍රවේශ වීමට අවස්ථාව උදා කරනු ඇත. ඒ අනුව දෙමව්පියන්ගෙන් එක් අයෙකු ඉතාලි පුරවැසියෙකු වූ විට, අංක 91/1992 නීතියේ 14ට අනුව බාල වයස්කාර දරුවන්ටද ස්වයංක‍්‍රීයව පුරවැසිභාවය ලැබෙනු ඇත.

ප‍්‍රවර්ධකයන්ගේ සහ ප‍්‍රතිසංස්කරණයට එරෙහි අයගේ ස්ථාවරයන්

පුරවැසිභාවය පිළිබඳ ජනමත විචාරණය වටා ඇති විවාදය මහජන, දේශපාලන සහ නීතිමය අදහස් අවුලූවා ඇති අතර, තාක්‍ෂණික මිස අන් කිසිවක් නොවන කාරණයක් මත රට බෙදා ඇත. සිවිල් අයිතිවාසිකම් සංගම්, ආගමික සංවිධාන, වෘත්තීය සමිති සහ පුරවැසි කණ්ඩායම් ඇතුළුව ප‍්‍රවර්ධකයින් තර්ක කරන්නේ වසර දහයක් බලා සිටීමට සිදුවීම මගින් ඉතාලි සමාජයට පරිපූර්ණ ලෙස ඒකාබද්ධ වීමේ අවස්ථාව අසමානුපාතික සහ බොහෝ විට දඩුුවම් කරන තත්වයක් නිර්මානය කරන බවයි.

ප‍්‍රවර්ධකයන්ගේ දෘෂ්ටි කෝණයෙන්, පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය කාලය වසර දහයේ සිට පහ දක්වා කෙටි කිරීම සැබෑ ප‍්‍රජා සාමාජිකත්වයට වඩාත් අනුකූල වන අයිතිවාසිකම් සඳහා ප‍්‍රවේශය බවට පත් කරයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහභාගීත්වය, සමාජගත වීම සහ වසර ගණනාවක් ඉතාලියේ ජීවත් වූ අයගේ නෛතික ස්ථාවරත්වය ගැන සැලකිලිමත් වන තේමාවකි, බොහෝ විට මූල්‍ය, වැඩ සහ සමාජ ඉදිරි දර්ශනයකින් රටට දායක වීමකි.

අනෙක් අතට, ප‍්‍රතිසංස්කරණයට විරුද්ධ අය විසින් තවමත් ප‍්‍රමාණවත් මට්ටමේ සමාජගතවීමක් පෙන්නුම් කර නොමැති පුද්ගලයින්ට පුරවැසිභාවය ලබා දීමේ අවදානම ඉස්මතු කරයි. ව්‍යවස්ථාපිත වටිනාකම් පිළිපැදීම පිළිබඳව සැබෑ සහතිකයක් නොමැතිව පොරොත්තු කාලය අඩු කිරීම සාමාන්‍ය සමාවක් බවට පත්විය හැකි බවට ඇතැම් දේශපාලන බලවේග බිය පළ කර ඇත. ඉතාලි පුරවැසියන් වීමට අදහස් කරන අයගේ ඵලදායී කැමැත්ත සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වත්මන් දස අවුරුදු කාලය දැනටමත් අවශ්‍ය පෙරහනක් බව විශ්වාස කරන අය ද සිටිති.

වේලාවන් සහ ඡුන්දය ප‍්‍රකාෂ කිරීමේ ක‍්‍රම

පුරවැසි ජනමත විචාරණය 2025 ජූනි 8 සහ 9 යන දිනවල පවත්වනු ලබන අතර, දෙවන වටයේ පරිපාලන මැතිවරණයට සමගාමීව පැවැත්වීමට නියමිතය. බොහෝ ප‍්‍රාදේශීය ප‍්‍රදේශවල, ඇත්ත වශයෙන්ම, මහ නගර සභා මැතිවරණය වට දෙකකින් පැවැත්වෙන අතර, ජනමත විචාරණය අවස්ථා දෙකේදීම පැවැත්වේ.

ඡුන්ද විමසීම ජුනි 8 ඉරිදා උදේ 7 සිට රාත‍්‍රී 11 දක්වා සහ ජුනි 9 සඳුදා උදේ 7 සිට සවස 3 දක්වා විවෘතව පවතී. ජනමත විචාරණ ප‍්‍රශ්නය ඇතුලූ ප‍්‍රශ්න 5 සඳහා ඡුන්දදායකයින්ට වෙනම ඡුන්ද පත‍්‍රිකාවක් ලැබෙනු ඇති අතර, පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම සඳහා වසර දහයක පදිංචිය සඳහා පවතින රීතිය අවලංගු කිරීමට “ SI ” හෝ එය නොවෙනස්ව තබා ගැනීමට “ No” ලෙස ඡුන්දය ප‍්‍රකාශ කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ඇත.

ඡුන්ද ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින සියලූම වැඩිහිටි ඉතාලි පුරවැසියන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට හැකි වනු ඇත. ඉතාලියේ පදිංචි විදේශිකයන්ට එනම් මෙයින් සෘජුවම බලපෑම් එල්ල වන කොටසට ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය නැත, නමුත් සිදුවිය හැකි කුමන හෝ වෙනසකින් සෘජුවම පීඩාවට පත් වූවන් අතර ඔවුන් ද සිටිනු ඇත. මේ හේතුව නිසා, ඡුන්දය ප‍්‍රකාශ කිරීමට පෙර සති කිහිපය තුළ, ජනමත විචාරණයේ අන්තර්ගතය සහ ප‍්‍රතිවිපාක විස්තරාත්මකව පැහැදිලි කිරීමේ අරමුණින් ඉතාලි ඡුන්දදායකයින් ඉලක්ක කරගත් තොරතුරු ප‍්‍රචාරණ වැඩි කිරීමට ඔවුන්ගේ දායකත්වය වැඩි වැඩියෙන් හිමි විය යුතුය.

නියාමන වෙනසෙහි නීතිමය ඇගවුම්

පුරවැසි ජනමත විචාරණය වත්මන් රීතිය අවලංගු කිරීම අනුමත කරන්නේ නම්, සෘජු නෛතික බලපෑම වනුයේ ඉතාලි පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අදහස් කරන යුරෝපා සංගම් නොවන විදේශිකයන් සඳහා පදිංචි අවශ්‍යතාවය වෙනස් කිරීමයි. තාක්ෂණික වශයෙන් ගත් කල, මෙය අංක 91/1992 නීතියේ 9 (1) (f) වගන්තියට බලපාන අවලංගු කිරීමේ පියවරක් වනු ඇත, එම කාලය වසර දහයේ සිට පහ දක්වා අඩු කරයි. මෙම පියවර නව අයිතියක් හඳුන්වා නොදෙන නමුත් කාලය අඩු කිරීම මගින් බොහෝ අයට එය සහනයක් වනු ඇත.

නීති පද්ධතියේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, මෙම වෙනස වසර ගණනාවක් ඉතාලියේ පදිංචිව සිටියද, තවමත් දස අවුරුදු අවශ්‍යතාවය සම්පූර්ණ කර නොමැති පුද්ගලයින්ගේ පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හේතු විය හැක. එබැවින් බොහෝ විට වසර දෙකකට වඩා වැඩි කාලයක් අයදුම්පත් විමර්ශනය කිරීම සඳහා ගත විය හැකි අතර බොහෝ කලාප තුල පරිපාලන භාවිතයන් අනුවර්තනය කිරීම අවශ්‍ය වනු ඇත.

පුරවැසිභාවය සහ ඒකාබද්ධතාවය. සමාජ සන්දර්භය පිළිබඳ පරාවර්තන

පුරවැසිභාවය පිළිබඳ විවාදය විධිමත් හා නීතිමය අංශ ගැන පමණක් නොව, අයිතීන්, අනන්‍යතාවය සහ ඒකාබද්ධතාවය යන සංකල්පය ගැඹුරින් ස්පර්ශ කරයි. විදේශයන්හි හෝ විදේශීය දෙමාපියන්ට දාව උපන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ඉතාලියේ ස්ථිරව ජීවත් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් භාෂාව පරිපූර්ණ ලෙස කතා කරති, නිතිපතා වැඩ කරති, බදු ගෙවමින් සහ සමාජ ජීවිතයට ක‍්‍රියාකාරීව සහභාගී වෙති. කෙසේ වෙතත්, ඔවුන් ඉතාලි පුරවැසියන් නොවන අතර, ඒ අනුව, සමහර මූලික අයිතිවාසිකම්වලින්, මූලික වශයෙන් ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියෙන් බැහැර කර ඇත.

අවශ්‍යතාවය වසර දහයේ සිට පහ දක්වා අඩු කිරීම, බොහෝ දෙනෙකුට, මෙම අවස්ථාව කරා ප‍්‍රවේශ වීමට පියවරක් විය හැකිය. කෙසේ වෙතත්, මෙයට පුළුල් පරාවර්තනයක් අවශ්‍ය වේ. අද පුරවැසිභාවයේ තේරුම කුමක්ද? එය දැනටමත් සිදුවී ඇති ඒකාබද්ධතා මාර්ගයක් විධිමත් පිළිගැනීමක් හෝ සැලකිය යුතු සහනයක් පමණක් විය යුතුද? මෙම ගැටළු සම්බන්ධයෙන්, ජනමත විචාරණය නීතිවේදීන් සහ දේශපාලනඥයන් පමණක් නොව, පාසල්, සංගම් සහ පවුල් ද සම්බන්ධ කර ගනිමින් මහජන සාකච්ඡුාවක් නැවත ආරම්භ වී තිබේ.

නිගමන. තක්සේරු කිරීම් සහ අනාගත අපේක්ෂාවන්

පුරවැසි ජනමත විචාරණය ඉතාලි පුරවැසියන් හට තමන්ට පෞද්ගලිකව බලපාන්නේ නැති කරුණක් වුවත් රටේ සිවිල් හා සංස්කෘතික ව්‍යුහයට බලපාන ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් සෘජුවම කැමැත්ත අකමැත්ත ප‍්‍රකාශ කිරීමට කැඳවන දුර්ලභ අවස්ථාවකි. පදිංචි කාලය වසර දහයේ සිට පහ දක්වා අඩු කිරීමෙන් ඉතාලියේ කලක් ජීවත් වූ සහ ප‍්‍රජාවේ අනිවාර්ය අංගයක් ලෙස හැගෙන පුරවැසිභාවය සඳහා දහස් ගණනකට මාවත පහසු කළ හැකිය.

නෛතික දෘෂ්ටි කෝණයකින්, මෙය කාලෝචිත වෙනසක් වනු ඇත, නමුත් ශක්තිමත් පද්ධතිමය බලපෑමක් මේ තුල ඇත. පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් වැඩි වීමක් අපේක්ෂා කළ හැකි අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස එය භාරව සිටින පරිපාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද මතුවනු ඇත. දේශපාලනික වශයෙන්, ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය ඉතාලි ඡුන්දදායකයින්ට තමන් ගොඩනැගීමට බලාපොරොත්තු වන්නේ කුමන වර්ගයේ සමාජයක්ද යන්න පිළිබඳ සංඥාවක්ද වනු ඇත.

පීඩාවන්ගෙන් නිදහස්වීමේ මහගු අවස්ථාවක් ලෙස

කෙසේ වෙතත් මෙය ඉතාලි පුරවැසියකු බවට පත්වීමේ නොනිමි ආශාවට ලගාවීම ඉක්මන් කරනවාට වඩා, දැනට පවතින සංක‍්‍රමණික නීතිය වන බොස්සි ෆීනි නීතිය තුලින් අත් විඳින පීඩාවෙන්, ඉක්මනින් නිදහස්වීමේ අවස්ථාවක්ද වනු ඇත. වසරකින් හෝ දෙකකින් නැවත වීසා අලූත් කිරීමට සිදුවීම, රැුකියා කොන්ත‍්‍රාත්තුව, පදිංචි සහතික ඉදිරිපත් කිරීම, මව් රටට යෑමට ඒමට ඇති බාදා ඉවත්වීම, විශ‍්‍රාම වැටුපට හා විවිධ දීමනා සඳහා ඇති බාදාවන් ඉවත්වීම, අධ්‍යාපනය ලබන දරුවන්ගේ කටයුතු වලට තිබෙන විශාල බාදාවක්ව ඉවත්වීම ආදී බොහෝ කඩුලූ/බාදාවන් මෙමගින් ඉවත්වන අතර එතෙක් බුක්ති විඳින්නට නොහැකි වූ බොහෝ අයිතීන් බුක්ති විඳින්නටත් වැසී තිබූ දොරටු විවර කරගන්නටත් මෙමගින් හැකි වනු ඇත. එනිසා කුමන හෝ මට්ටමක සිටින විදෙස් සංක‍්‍රමණිකයින් හට මෙය මහගු සහනයක් වන අතර එය ජයග‍්‍රහණය කරවීම ඔබ සියලූ දෙනාගේම වගකීම වන බවද සඳහන් කරමු. නොඑසේනම් සිදු වන්නේ විවිධ මට්ටම් වල සිටින අය මෙය තමන්ට අදාල නොවන දෙයක් ලෙස සලකා මග හැර යාමයි. කෙසේ වෙතත් දැන් හෝ පසුව ඔබ සියලූ දෙනාට මෙම නීති සංසෝධනය බලපානු ඇත. එම නිසා අපගේ ආයාචනය වන්නේ දැනටමත් පුරවැසිභාවය ලබා තිබෙන අය අපට මින් පලක් නැතැයි සිතා මග හැරීම නොව වගකීමක් ලෙස සිතා එයට දායක වීමයි. දීර්ග කාලීන වීසා සතු අය අපට මෙය අදාල නැතැයි සිතා කටයුතු කිරීමට පෙළඹිය හැක. නැත ඔබටද මෙය වලංගු වන බව මතක තබා ගන්න. දේශපාලන රැුකවරණ හෝ වෙනත් වීසා අයදුම්පතක් යොමුකර සිටින අයද මෙය තමන්ට අදාල නොවේයැයි බැහැර කල හැක. නැත ඔබටද අවස්ථාවක් උදා වන බව අපට ඇති අත්දැකීම් තුලින් නිසැකවම කිව හැක. කෙසේ වෙතත් පොදුවේ ලාංකිකයින්ගේ තිබෙන අයිතීන් දිනා ගන්නට කෙරෙන මැදිහත්වීම් මගහැර යාමේ හා ඒවා ලැබෙන විට පොරකාගෙන විත් පෝලිමේ මුලින්ම සිට ගැනීමේ ඒ මහගු ගුනාංගය මෙම කාරණයේදී අමතක කර කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිමු.

ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය 

leave a reply