Breaking News

අහිංසක කැස්බෑවෝ සහ කෘෘර මිනිස්සු ….. ?

උපාලි ජයසිංහ

එහෙමද මෙි ලිපියට මාතෘකාව දාන්න ඕනා  ?කැස්බෑ බිත්තර එකතුකරන් තමන්ගෙ මලුවලට පුරවන මෙි ඡායාරූප විතරක් අරන් බැලුවම එහෙම තමයි හිතෙන්නෙ.. නමුත් හැමතිස්සෙම අපිට පේනදේම ඒ ක්‍රියාව ඇතුලෙ තියෙන්නෙ නෑ ,ඒ කියන්නෙ ඔබ අදහස් කරන දේම නෙවෙයි ඒ තුල ගැබිවෙලා තියෙන්නෙ. ඒක නිසා තමයි දර්ශනයෙදි කියල දෙන්නෙ පෙනුම සහ හරය කියල සංකල්පයක්.ඒකෙන් කියන්නෙ දේවල් සෑම විටම පෙනෙන ආකාරයට නොවේ. හොදයි කතාවට එමු !

ලෝ‍‍කෙ සතා සීපාවා සහ ස්වභාවිකත්වයත් එක්ක අපූරු බැදීමක් තියෙන මිනිස්සු ඉන්නෙ අප්‍රිකා මහද්වීපයේ නෙවි. ඇමෙරිකානු මහද්වීපයේ කොස්ට රිකා (Costa Rica ) කියන රටෙි. එයාල තමයි ස්වාභාවිකත්වයත් එක්ක කරන ගනුදෙනුවෙ ලෝකෙ අංක එක. කොස්ට රිකා ලතින් ඇමෙරිකානු කලාපයේ ඊසාන පැත්තෙන් කැරිබියානු මුහුදෙනුත්, නිරිතෙන් පැසිපික් සාගරයෙනුත් වට වෙචිච රටක් මෙි රටෙි දර්ශනීය වෙරළ තීරයක් තියෙනවOstional beach කියල මෙි වෙරළ තීරයට සියවස් ගණනාවක් තිස්සෙ එනව කැස්බෑවො බිත්තර දාන්න . සීයක් දෙසීයක් ? දහසක් ? නෑ ලක්ෂ ගණනක්. නමුත් මෙි ලක්ෂ ගණනටම බිත්තර දාන්න තරමි වෙරළ තීරය විසල් නෑ ඒක කිලෝ මීටර් 5 ක් දක්වා දිවෙන පුංචි වෙරළ කලාපයක්.ඉස්සෙල්ලම ගොඩ බිමට ආපු කැස්බෑවො බිත්තර දැමිමට පස්සෙ පස්සෙ අනිත් අයට වලවල් හාරන්න වෙරළෙ ඉඩ නෑ . ඒ නිසා පස්සෙ එන අය කරන්නෙ කලින් අය බිත්තර දාපු වලවල් වලින් බිත්තර අරන් කුඩු පටිටමි කරන එක. නැත්නමි විසුරුවා හරින එක. මෙික දකින උකුස්සො. කුරැළු ගොයි, බල්ලො මෙි බිත්තර කාල දානව. යන්තන් ඉතිරි වෙච්ච බිත්තර වලින් තමයි පැටවු එන්නෙ. . චාල්ස් ඩාවින්ගෙ ස්වාභාවික වරණය. සමහර වෙලාවට මෙි වලවල් ඇතුලෙ බිත්තර කැඩිල කුණුවෙලා බැක්ටීරියා වර්ග හැදිල මවු කැස්බෑවන් පසුකාලයෙදී ලෙඩ වෙලා මිය යනව.

1980 දශකයේ මුල් භාගයේදී තමයි සත්ව විද්‍යාඥයින් දැනගත්තේ මුහුදු වෙරළේ ඇති ඉඩ ප්‍රමාණය සීමිත බැවින් පසුව පැමිණෙන කැස්බෑවන් පළමු බිත්තර විනාශ කරන බව. පර්යේෂකයන් කල්පනා කලා මෙිකට ක්‍රමයක්. ඒ අනුව 1987 දී එයාල ඉඩ දුන්න ඔස්ටේෂන් බීච් හි ගම්වැසියන්ට පළමු දවසේ කැස්බෑවන් දාන බිත්තර ගොඩ අරන් රඡයට විකුනන්න. ඉතිරි දවස් 5 එයාලට නිදහසේ බිත්තර දාන්න වෙරළ හොදට පිරිසිදු කරල එයාලට ඉඩ දෙන්න මෙිකට කියන්නෙ “arribada”.කියල ඔබ ගූගල් සර්චි කලොත් ඒ නම ගහල ඔබට පෙන්නන්නෙ මෙි ක්‍රියාවලිය තමයි.. . ඒ වගේම මෙි වෙරළ තීරය ආරක්ෂක කලාපයක් කළා. දැන් කැස්බෑවන්ට ඉඩ තියෙනව ඔන තරමි බිත්තර දාන්න. කලින් දාපු බිත්තර විනාශ වෙන්නෙත් නෑ. ඒ වගේම කැස්බෑවො බිත්තර දාල දින 45 ක් වෙනකන් එයාල දිවා රෑ උන්ව ආරක්ෂා කරනව බලාගන්නව.පැටවු ඉපදිලා මුහුදට යන දවසට එයාල එක්කන් එනව වෙරළ තීරයට තමන්ගෙ මොන්ටිසෝරි යන ළමයින්ව මෙි අසිරිමත් දර්ශනය දැකගන්න.

.ඒ වගේම ඔබට පේනව ඇති මෙි කැස්බෑවො මිනිස්සුන්ට බය නෑ. එයාල සියවස් ගණනාවක් ඉදල මෙි ඡනතාවට පුරුදු වෙලා.
බිත්තර දාන කාලෙට කැස්බෑවන් ගණනය කිරීම සඳහා සෑම රාත්‍රියකම වෙරළ නිරීක්ෂණය කරනව . සමහර කාලයන් තුළ කැස්බෑවන් 251,812 ක් පමණ ගණන් කර ඇත ඒ කාලය තුල. ප්‍රෙද්ශවාසීන් බිත්තර බෑග් 537 ක් එකතු කළ අතර ඒවා ඩොලර් 13,100 විකුණා ඇත. එම මුදලින් 30% ක් පිරිවැය පියවා ගැනීම සඳහා යොදා ගන්නා අතර 70% ක් දිරිගැන්වීමක් ලෙස ගමිවාසීන්ට බෙදා දී තිබෙි .මෙන්න ‍‍මෙි කාරනය නිසා තමයි ලෝකෙ කැස්බෑ බිත්තර විකිණිම තහනමි වුනත් කෙස්ටරීකාවට එහෙම තහනමක් නැත්තෙ.

leave a reply