Breaking News

දිනක වර්ජනයකින් බිලියන 46ක් පාඩු ලබයි නම් වැඩකෙරුවම බිලියන 46ක් ලාභ ලබනවා නොවේද?

දවසක් වැඩ වර්ජනය කළහොත් දළ ජාතික නිෂ්පාදනයෙන් දෛනිකව උපයන රුපියල් බිලියන 46ක මුදලක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

වැඩ වර්ජන හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

රට දවසක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළහොත් රුපියල් බිලියන 46ක මුදලක් දෛනිකව රටට අහිමි වන බවත් සමහර අය උත්සාහ දරනුයේ ඒ සඳහා බවත් අමාත්‍යවරයා කියා සිටියි.

වර්ෂයකට මෙරට දළ ජාතික නිෂ්පාදිතය රුපියල් බිලියන 16,809ක් වන බව ද එය දවස් 365න් බෙදූ විට දිනකට අහිමි වන මුදල රුපියල් බිලියන 46ක් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා පවසන ආකාරයට වැඩ වර්ජන හරහා දිනකට රුපියල් බිලියන 46ක් පාඩු ලබන්නේ නම් වැඩකරන ජනතාව දිනකට එම ගණනක ලාභයක් රටට උපයන බව පැහැදිලිය.

නමුත් මෙම සංඛ්‍යා ලේඛණ ගෙන එන්නේ පාඩු ලැබීම ගැන කියන්නට පමණක් වීම විශේෂත්වයකි. වැඩකරන ජනතාව වැඩවර්ජන කරමින් සහන ලබාදෙන ලෙස ඉල්ලා සිටින්නේ තමන් උපයන මෙම ධනයේ ප්‍රතිලාභ ලබාදෙන ලෙසයි. එවැනි ඉල්ලීම් ඉදිරිපත්වෙද්දී ආණ්ඩුවවේ කට සෑම මොහොතකම ඇරෙන්නේ මුදල් නැති බව කියන්නටයි.

leave a reply