විරෝධතා මර්දනයට පොලීසිය බඩු රැස්කරයි

රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්තගේ අත්සනින් යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කළ බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ගෑස් මුහුණු ආවරණල කැරලි පලිහල ආරක්ෂක හිස් වැසුම් ල රබර් මුගුරු, ඉල්ලා මෙම දැනුම්දීම කර තිබේ.

අනුරාධපුරය , මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල , මාතලේල, පොලොන්නරුව, තංගල්ල, මහනුවරල කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තු ඉහළ දැමීම, බදු ඉහළ දැමීම, තෙල් මිල ඉහළ යාම ඇතුළුව පොදුවේ ජනතාව මුහුණ දෙමින් සිටින ජීවන බරට එරෙහිව ජනතාව නැවතවතාවක් විවිධ අයුරින් අරගල අවුලවමින් සිටියි. ඒ සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ මර්දනය පමණක් බව පැහැදිලි වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...