විරෝධතා මර්දනයට පොලීසිය බඩු රැස්කරයි

රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්තගේ අත්සනින් යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කළ බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ගෑස් මුහුණු ආවරණල කැරලි පලිහල ආරක්ෂක හිස් වැසුම් ල රබර් මුගුරු, ඉල්ලා මෙම දැනුම්දීම කර තිබේ.

අනුරාධපුරය , මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල , මාතලේල, පොලොන්නරුව, තංගල්ල, මහනුවරල කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තු ඉහළ දැමීම, බදු ඉහළ දැමීම, තෙල් මිල ඉහළ යාම ඇතුළුව පොදුවේ ජනතාව මුහුණ දෙමින් සිටින ජීවන බරට එරෙහිව ජනතාව නැවතවතාවක් විවිධ අයුරින් අරගල අවුලවමින් සිටියි. ඒ සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ මර්දනය පමණක් බව පැහැදිලි වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...