Breaking News

ඉන්දීය ගොවි අරගළයේ අතුරු කතාවක්

ඉන්දීය යහලූවන් කිහිප දෙනෙකු සමග එම අරගලය පිළිබඳ කතා බහ කිරීමට ලද අවස්ථා කීපයකදී ඔවුන් පැවසූ දේවල් ආකර්ශණීය විය. ඔවුන් පැවසුවේ ආරම්භයේදීම මෙම අරගලය දීර්ඝකාලීන එකක් බව ඔවුන් දැනසිටි බව සහ ඊට අදාලව සූදානම් වූ බවයි. මේ මොහොත වන විට ඔවුන් ක‍්‍රියාත්මක කරමින් සිටින්නේ ඒ උපාය මාර්යයයි.

සියලූ ජනයා එකවර අරගළයට සහභාගි නොවේ. ඔවුන් එයට සහභාගි වන්නේ මුර ක‍්‍රමයටය. පිරිසක් අරගලයට සම්බන්ද වන විට අනෙක් පිරිස තම ආර්ථික හා දේශපාලන කටයුතුවල නියැලෙයි. සතියක් දෙකක් අරගලයේ සිට ගමට පැමිනෙන පිරිස වෙනුවට ඒ සඳහා අරගලයට එක්වන්නට තව පිරිසක් සූදානම් වේ. ඒ කෑමට බීමට අවශ්‍ය ද්‍රව්‍ය ගමපුරා ගොස් එකතු කර ගමට පැමිනෙන හිස් ටේලර් වල පටවා අරගල කරුවන් සමගම අරගල භූමියට යැවීමටයි. මේ ආකාරයට මාරුවෙන් මාරුවට අරගලයට එක් වෙමින් තම දෛනික කටයුතුද සම්පූර්ණයෙන්ම අඩාල නොවී පවත්වාගෙන යාමටද ඔවුන් හොඳින් කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම තව අයෙක් පැවසුවේ තමන් පසුගිය මාස 2ක කාලයක් පන්ජාබයේ සිටියත් මේ අරගලයට තමන් සම්බන්ද නොවූ බවයි. ඇයි ඔබ එයට විරුද්ධ නිසාද ඒ ඇයි යන්න විමසූ විට ඔහු ලබා දුන්නේ අපූරු පිළිතුරකි. පොලිස් හමුදා මර්ධනය දැඩි බවත් විදෙස්වල සිට පැමිනෙන අය නැවත යාමේදී ගැටලූ ඇතිවූ අවස්ථා තිබෙන බවත් යම් හෙයකින් තමාටද ඊට මුහුණදීමට සිදුවුව හොත් එය තම පවුල්වල පැවැත්මට බාධාවක් වන බවයි. ඒ වෙනුවට ඔහුගේ සොහොයුරා අරගලයට සම්බන්ද වන බවත් මර්ධනය හමුවේ සිරගත වන්නට සිදුවුවත් ඒ පවුල් රැක ගැනීමට තමන්ට හැකි බවත් ඒ නිසා තමන් අරගලයට සෘජුව සම්බන්ද නොවී තම සොයුරා ඊට සම්බන්ද කල බවයි.

පොදුවේ මෝදි අගමැති ඇමරිකානු රූකඩයක් බවත් මෝදි ගෙදර යවා මිස මෙය අවසන් නොකරන බවත් තමන්ද මෙහි සිට අරගලයට ආධාර කරන බවත් බොහෝ ඉන්දියානුවන් පැවසීය. අරගල ඉතිහාසයට අලූත් අත්දැකීමක් හා උත්තේජනයක් එක්කරමින් සිටින ඔවුන්ට අපේ ආචාරය.

leave a reply