පේරාදෙණිය ගීතයක්!

රතු පුවරු ගහපු ගලහ හන්දියට මම හරි ආසයි. තරුණ ජවයෙන් පිරුණු ජනතා හඬක ඒක නින්නාද ගිගුරුමක් මට ගලහ හන්දියෙන් හැමදාකම ඇහෙනවා.

ඊටත් එහායින් ස්ථානගත වෙච්ච, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිසංසල ගම්භීර උදාරම් බවට මම බොහොම ප්‍රියයි. ඒ පහන් බිමේ, කොළ පාට ගස් වල එතුණු කහ පාට මල් වැලක උනත් තියෙන්නේ, කහ, බුද්ධියේ වර්ණය නිසාමදෝ, නිවීමක්.

බණ්ඩාරනායක අනුස්මරණ ළමා රෝහලත්, අපේ උසාවියත්, හදවතේ එළලනු බැරි කොණක ඉසියුම් කැපුම් ඉරක් අඳිද්දී,
රාජකීය උද්භීද උද්‍යානයේ යෝධ ශ්වේත කැකුණ තුරු පෙළ අසල ගැවසීමත් එක්තරා හිත සනහන භාවනාවක්.

මහවැලි දිය නිල, හරිත තුරු හිස්, හන්තාන කඳු වළල්ල තනිකරම පිස්සුවක්.

සිත්තරුන් සිය ගණනකගේ පින්සල් වලින් වර්ණාලේපිත, විවිධ ශෛලියේ විචිත්‍ර චිත්‍ර රටා පිරුණු අපූර්ව කැන්වසයක්.

සංගිලි පාලම දිගේ සීරුවෙන් ගඟ මැදට යාමම ආනන්දයක්.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...