වසංගතයෙන් පසු ජනගහනයෙන් සියයට 60ට පෝෂ්‍යදායි ආහාර නැහැ – ආහාර අයිතීන් පිළිබඳ ජාතික ආයතනය

‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60 කට පමණ පෝෂ්‍යදායී ආහාර ලැබී නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සොයා බැලීමේ ජාතික ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ආහාර මූලික කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 10 ක සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත් කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ 2020 දෙසැම්බර් මස සිට මේ වසරේ ජනවාරි 30 වැනිදා දක්වා කාලය තුළ කොළඹ, යාපනය, පුත්තලම, ගම්පහ, කළුතර, ගාල්ල, මඩකලපුව, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කළ එම සමීක්ෂණ වාර්තාව පසුගියදා එළිදැක්වීය.

එම සමීක්‍ෂණයට භාජනය වූ පුද්ගලයන්ගෙන් සියයට 71 ක් අඩු මිලට ආහාර ලබාගෙන ඇති බවත් සියයට 69 ක් සතියේ ආහාර වේල්වලින් වේල් පහක් ලබාගෙන නැති බවත් හෙළිවිය.

එම පුද්ගලයන්ගෙන් සියයට 14 ක් සතියකට දිනයක් හෝ දින දෙකක් එකම ආහාර වේලාවක් හෝ ගෙන නොමැති බවත් එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

එසේම ලංකාව ලෝකයේ රටවල් 116ක් අතර ගණනය කෙරෙන සාගිනි දර්ශකයේ 65 වැනි ස්ථානයට පත්ව පත්ව ඇති බව පසුගියදා වාර්තා විය. මෙය පසුගිය වසරේ තිබුණු 64 ස්ථානයට වඩා පහළට වැටීමකි.

මෙම දර්ශකය සලකා බලනු ලබන්නේ පුද්ගලයන් වයසට අදාළ වර්ධනය සහ බර ප්‍රමාණය, කෘශභාවය, ළමා මරණ ප්‍රමාණය වැනි සාධක ඇසුරෙනි.

මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර වර්ග රැසක මිල ඉහළ යාම නිසා ජනතාව විශාල පීඩාවකට පත්ව සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...