මහින්ද සිරිවර්ධන අපිට කරල තියෙන්නේ බෙහෙත් අහුරු පිටින් බොන ගමන්.

මහින්ද සිරිවර්ධන පිළිබඳව අනුරාගේ හිතේ තියෙන දුක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේ බොහෝම හැඟීම්බරවයි. අද අනුරගේ පාර්ලිමේන්තු කතාවේ අවසාන භාගයේ ස්තූතිවන්ත වන පිරිස අතර සිටි මහින්ද සිරිවර්ධන මේ අයවැය සකසන්නට දිවා රෑ නොබලා දුක් මහන්සියෙන් කටයුතු කළ කෙනෙක්.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන බෙහෙත් අහුරු පිටින් ගිලින දුබල ශරීර සෞඛ්‍යයකින් යුතු කෙනෙකු බවද අද පාර්ලිමේන්තුවේදී අනුර හෙළිදරව් කළා. මහින්ද සිරිවර්ධනගේ කාර්යභාරය ගැන කියන විට අනුරගේ ස්වරය බොහොම හැඟීම් බර ඌ බව ඒ කතාව අහපු අයට තේරෙන්න ඇති. අනුර ජනාධිපති උනායින් පසුව සිරිවර්ධනට ස්තූතිවන්ත කළ මේ ප්‍රථම අවස්ථාව නෙමෙයි. එහෙම කියද්දි ඇත්තටම අපට හිතෙන්නේ මේ මහින්ද සිරිවර්ධන ඒ මහින්ද සිරිවර්ධන නෙමෙයිද කියලයි.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සමයේත්, මහින්ද සිරිවර්ධන කෙනෙක් තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස හිටියේ. පඩි වැඩි කරනවා නම් බදු වැඩි කරලා මුදල් හොයා ගන්න ඕන කියලා කිව්වේ ඒ මහින්ද සිරිවර්ධන. ඒ දවස් වල අනුරලත් ඒ මහින්ද සිරිවර්ධනට හොඳටම දෙහි කැපුවා.

අනුර කුමාර දිසානායක එයාගේ මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ගැන මේ තරම් ආදරවන්ත වෙද්දි මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් ඒ මෙයා නෙමෙද කියලා.

කෙසේ වෙතත් අනුර සහෝදරයා මහින්ද සිරිවර්ධනගේ සෞඛ්‍ය තත්ත්වය ඔය තරම්ම අසාධ්‍ය නම් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයා හැටියට ඔය මනුස්සයව පත් කරලා යවන එකෙන් සිද්ධ කරන්නේ අවැඩක් නේද. අපිට නං හිතෙන්නෙ ඔය මහින්ද සිරිවර්ධනට ඔය කියන තරම් අමාරුවක් තියෙනවා නම් ඔය කියන තරම් බේත් තොගයක් බොනවා නම් විශ්‍රාම සුවයෙන් පසු වෙන්නට අවස්ථාව සලසා දෙන එක තමයි හොඳටම හොඳ.

වල පයයි ගොඩ පයයි තියාගෙන බල තණ්හාව නිසාම අග්‍රාමාත්‍ය තනතුරු දරපු දෙන්නෙක්ව මේ කතාව ලියන අතරතුර මතක් උනා.
එක්කෙනෙක් සිරිමාවෝ බණ්ඩාරනායක
අනිත් කෙනා දීමූ ජයරත්න

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...