විඳවනා ජීවිත…

රෑනේ තුන්පත් රටා බැලුවයි
ගම්තුලානේ මිනිසුනේ
දැවෙන මහා හිරු රැසට කුරහන්
නොවේ ජීවිත පිච්චුනේ

නලාගිරි ඇත් කුලෙන් මිදුනම
මක්කරන්නද මිනිසුනේ
විඳින දුක් කඳ දන්නෙ කවුරුද
අයිය නායක දෙවියනේ …

තාත්තාව මහා හේන රැකුමට
යන විටදි රෑ කළුවරේ
රිදෙන ඉල ඇට නහර පොඩිකර
මරා දැමූවයි අලි රැලේ

මැරුණු තාත්තාගේ මිනිය අරගෙන
ගමේ මිනිසුන් දහවලේ
යනෙන පාරත් හරස් කරමින්
කිව්වේ දෙවියන්ටයි මලේ …

සිදාදියේ ටයි දාන ලොක්කන් ඇවිත්
කිව්වලු ඒ වෙලේ
මක්කෑටැයි මේ ගෙවල් හැදුවේ
කැලේ අද්දර ඒ කලේ

අසා සිටි ඒ ගැමියෝ කීවෙත්
සිහි විකල් වී ඒ වෙලේ
අනේ උන්දැගේ ඉටි ගෙඩිය බං
දන්න බම්බුව මේ කැලේ …

අත්තා , මුත්තා, නත්තා, කාලේත්
රැක්කෙ අපිමයි මහා කැලේ
කිත්තා , කිරි කෑ මුත්තා, කාලෙත්
උපන්නෙත් අපි මේ රැලේ

අලි නොවෙයි බං කොටිත් එක්කයි
හැප්පුනේ අපි ඒ වෙලේ
කට්ටි පැන පැන කුට්ටි කරනවා
වෙට්ටු දාගෙන ගස් කැලේ …

සිදාදියේ මහා ඇත්තෝ ඇවිදින්
වටකරන් උන් මහා කැලේ
කපා පෙරලා කුට්ටි කරගෙන
අඳිනවා ගස් රෑ වෙලේ

දඩමසුත් ගෙන රස බලන්නට
මද්ද බඳිනවා රෑ කලේ
වනය තිබුනට කැළය නෑ බං
නමට විතරයි දැන් කැලේ …

සාම අමරලා අකුරු කරලා උනත්
දොස්තර ඒ කලේ
යන්නේ කොහොමද අකුරටත් අපි
වෙන්න දොස්තර දැන් කලේ

තාත්තත් නැති හින්දා හේනේ
පැල් රකින්නට හැම කලේ
නොයා කොහොමද කවුරු දෙනවද රුපියලක්වත් මේ කලේ ……

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...