Breaking News

බදු වැඩිකිරීම ජනතාව මත බර පැටවීමක් පමණයි – ආර්ථික වර්ධනයක් නැහැ

පළමු මාස අට තුළ ආන්ඩුවේ ආදායම සියයට 43.5 ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළ නමුත් අයවැය හිඟය තවදුරටත් ඉහල ගොස් තිබේ. ලබන වසරේ සිට එකතු කළ අගය මත බද්ද (TAX) වැඩි කරමින් රජයේ ආදායම් වැඩිකරගන්නා ලෙස උපදෙස් දෙනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. නමුත් ජනතාව බර පැටවීම හැර අපේක්ෂිත ඉලක්ක ඉටුවී නොමැති බව බැලූ බැල්මට පෙනේ.

IMF සැප්තැම්බර් මාසයේදී සිය පළමු වැඩසටහන් සමාලෝචනය අවසන් කළ අතර දෙවන වැඩසටහන් වාරිකය නිකුත් කිරීම කල් දැමීම සඳහා රජයේ ආදායම් වැඩිවීමේ සීමිත ප්‍රගතිය ගැන සඳහන් කරමින් සිටියි.

පසුගිය සතියේ ඉදිරිපත් කළ අයවැයට අනුව රජය දැනට පවතින සියයට 15 වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කරන බව නිවේදනය කර ඇත. අනුව පවසන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා වූ වැට් බදු නිදහස් කිරීමක් ලබාදෙන බවයි. ඊට අමතරව තෙල් සහ විදුලිය සඳහාද වැට් බදු නිදහස් කිරීමක් ලබාදෙන බව ආණ්ඩුව පොරොන්දු වී තිබේ. නමුත් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන ජනතාව පවසමින් සිටින්නේ එම පොරොන්දු ඉටුකරන තුරු තමන්ට කිසිදු විශ්වාසයක් නැති බවයි.

පසුගිය සතියේ මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, පසුගිය වසරේ මෙම කාලය තුළ රජය විසින් රුපියල් බිලියන 1,272.78 ක් උපයා ඇති අතර ඊට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු දක්වා මාස අට සඳහා රුපියල් බිලියන 1,826.62 ක ආදායමක් උපයාගෙන ඇත.

මෙය 2022 එම කාලසීමාවට වඩා සියයට 47.8 කින් ඉහළ යාමකි. අලුතින් පැනවූ බදු ආදායම රුපියල් බිලියන 1,661.15කින් ඉහළ ගොස් ඇත.

IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ආයතනික ආදායම් බද්ද, පුද්ගල ආදායම් බදු සහ වැට් බද්ද ඉහළ නංවා රඳවා ගැනීමේ බද්ද වැනි බදු නැවත පැනවූ අතර සමාජ ආරක්ෂණ බද්ද වැනි නව බදු හඳුන්වා දෙන ලදී.

එහෙත් අපේක්ෂිත ආදායම් ඉලක්ක ලබා ගැනීමට අසමත් වීමෙන් පිළිබිඹු වන්නේ කොන්ත්‍රාත් ආර්ථිකයකට බදු ආදායම් ඉලක්‌ක කොපමණ ඉහළ නැංවුවත් බදු ආදායම් ඉලක්‌ක ඉටු කිරීමට නොහැකිව ඇති බවයි. ආර්ථික විශේෂඥයන් මෙයට හේතු ලෙස දක්වන්නේ බදු වැඩිවීමත් සමඟ බඩු මිල වැඩිවීම නිසා ජනතාව තම වියදම් පාලනය කරන බවයි.

ලබන වසර සඳහා පසුගිය සතියේ ඉදිරිපත් කළ අයවැය මඟින් ආදායමේ සියයට 45 ක වර්ධනයක් රුපියල් බිලියන 4,127 ක් දක්වා ප්‍රක්ෂේපණය කර ඇති අතර, එයින් වැඩි ප්‍රමාණයක් වැට් බද්ද ඉහළ නැංවීමෙන් සහ ආනයන හරහා උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

නමුත් මේ අතර, වියදම සියයට 38.2 කින් ඉහළ ගොස් ඇත. එය පළමු මාස අට තුළ රුපියල් බිලියන 3,297.20 කි.

පුනරාවර්තන වියදම් සියයට 44.0 කින් ඉහළ ගොස් ඇත.

මෙම කොන්දේසි මධ්‍යයේ, මාස අට සඳහා අයවැය හිඟය පෙර වසරේ රුපියල් බිලියන 1,112.49 සිට රුපියල් බිලියන 1,470.66 දක්වා ඉහළ ගියේය.

 

leave a reply