ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් CID අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (මාර්තු මස 01 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසා තිබේ.

ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකට ඊයේ (මාර්තු මස 01 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ අනුව පැය 07 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබේ.

රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු මාර්තු මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ( පෙබරවාරි මස 29 වැනිදා) එම නියෝගය නිකුත් කරන ලදී.

මේ සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම පවසා සිටියේ “ශ්‍රී ලංකාවට බෙහෙත් ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්. එහෙත් මෙම නඩුකරයට පාදකවන සිද්ධියේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බෙහෙත් ආනයනය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කොට සම්මත පටිපාටියට පරිබාහිරව මෙම බෙහෙත් මිලදී ගැනීමට සැකකාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මෙම බෙහෙත් තොගය ආනයනය කිරීම සඳහා සැකකාර අමාත්‍යවරයා අවස්ථා හතරක දී කැබිනට් සංදේශ හතරක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ බෙහෙත් වර්ග 182ක් නොමැති බවත් ඇතැම් බෙහෙත් වර්ග තිබෙන්නේ ඉදිරි මාස තුනක කාලයකට පමණක් බවත් සැකකාර අමාත්‍යවරයා එම කැබිනට් සංදේශය තුළින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. එම අවස්ථාව වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට අවශ්‍ය ඖෂධ ලබා දීමට එකඟතාව පළ කර තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකාව තුළ බෙහෙත් හිඟයක් මතුවිය හැකි බවට බොරු බිල්ලෙක් අමාත්‍ය මණ්ඩලය තුළ මවා මෙම බෙහෙත් ආනයනය කිරීමට සැකකාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මෙම බෙහෙත් ආනයනය කිරීමට අදාළ සියලු වගකීම් පැවරී තිබෙන්නේ සැකකාර අමාත්‍යවරයා මතයි” යනුවෙනි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...