කෲඩියා සෙලනිකා රැකගැනීමට කිසිවක් නොකළ හිටපු පරිසර ඇමති ගහ බලන්න යයි

ගම්පහ දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා සම්බන්ධයෙන් ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය ගස ඒ ආකාරයෙන්ම තිබීම බවත්, ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් නම්‍යශීලීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා මෙන්ම පරිසර ඇමතිවරයා වූ ඔහු මේ බව ප්‍රකාශ කළේ දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ගස සමීපයටම ගිය හිටපු ජනාධිපතිවරයා ගසට ගෞරව ආචාරය පුද කළ බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ගස සම්බන්ධයෙන් පළමුවරට හඳුනා ගන්නේ 2018 වර්ෂයේ දෙවන වරට සිදුකරන ලද පරිසර තත්ත්ව වාර්තාවකිණි. පළමු පරිසර තත්ත්ව වාර්තාවෙන් කිසිදු සඳහනක් මේ සම්බන්ධයෙන් සිදුකර තිබුණේ නැත. එනම් මේ ගස සම්බන්ධ පළමු කතා බහ ආරම්භ වූවේ මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති සහ පරිසර ඇමති වී සිටිය සමයේදීයි. ඒ අවස්ථාවේ මේ ගස රැකගැනීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් මෛත්‍රීපාල සිරිසේන අවම වශයෙන් ඇමතිධූරයක්වත් නොමැතිව නට්ටන් වී සිටින මේ මොහොතේ ගස රැකීමට පොරොන්දු වීම එක්තරා ආකාරයකින් විහිළුවකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...