කෲඩියා සෙලනිකා රැකගැනීමට කිසිවක් නොකළ හිටපු පරිසර ඇමති ගහ බලන්න යයි

ගම්පහ දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා සම්බන්ධයෙන් ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය ගස ඒ ආකාරයෙන්ම තිබීම බවත්, ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් නම්‍යශීලීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා මෙන්ම පරිසර ඇමතිවරයා වූ ඔහු මේ බව ප්‍රකාශ කළේ දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ගස සමීපයටම ගිය හිටපු ජනාධිපතිවරයා ගසට ගෞරව ආචාරය පුද කළ බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ගස සම්බන්ධයෙන් පළමුවරට හඳුනා ගන්නේ 2018 වර්ෂයේ දෙවන වරට සිදුකරන ලද පරිසර තත්ත්ව වාර්තාවකිණි. පළමු පරිසර තත්ත්ව වාර්තාවෙන් කිසිදු සඳහනක් මේ සම්බන්ධයෙන් සිදුකර තිබුණේ නැත. එනම් මේ ගස සම්බන්ධ පළමු කතා බහ ආරම්භ වූවේ මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති සහ පරිසර ඇමති වී සිටිය සමයේදීයි. ඒ අවස්ථාවේ මේ ගස රැකගැනීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් මෛත්‍රීපාල සිරිසේන අවම වශයෙන් ඇමතිධූරයක්වත් නොමැතිව නට්ටන් වී සිටින මේ මොහොතේ ගස රැකීමට පොරොන්දු වීම එක්තරා ආකාරයකින් විහිළුවකි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...