නාගරාසා ඇලෙක්ස් පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වී ඇති බව අධිකරණය තීන්දු කරයි

වඩුක්කොඩෙයි, සිත්තංකේනි ලිපිනයේ පදිංචිකරුවකු වු විසි හය හැවිරිදි නාගරාසා ඇලෙක්ස් තරුණයා අත්අඩංගුවේ සිටියදී මරණයට ලක්වී තිබීම “ස්වාභාවික මරණයක් නොව මිනීමැරුමක්” බවට යාපනය මහේස්ත්‍රාත්වරයා සිකුරාදා9 නොවැ 24) අධිකරණයේදී පවසා තිබේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග වෙමින් පවතින අවස්ථාවේ එම පරිශ්‍රයේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද දක්නට ලැබිණි.

නාගරාසා ඇලෙක්ස් සහ විසි හැවිරිදි සුදාකරන් තුවාකරන් යන තරුණයන් දෙදෙනා සොරකම් කිරීමේ චෝදනා මත වඩුක්කෝට්ටේ පොලිසිය විසින් නොවැම්බර් 8 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාකරන් දැනට ඇප මත නිදහස්ව සිටි.

නාගරාසා ඇලෙක්ස්ගේ මරණය ඝාතනයක් බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයේ පිටපත උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවන ලෙස අධිකරණ රෙජිස්ටාර්වරයාට දැනුම් දුන්නේය. මීට පෙර තුවාකරන් විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් දෙදෙනකුගේ හැඩරුව ඔහු විසින් විස්තර කර ඇත. ඒ අනුව හඳුනාගැනීමේ පෙරට්ටුවක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සුදාකරන් තුවාකරන්ට අමතරව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍යවරයකු වන වෛද්‍ය සෙල්ලතුරෙයි පරමසිවම් (74), බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සහ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබේ.

“බඳේ, අත් දෙකේ සහ පා දෙකෙහි බහුවිධ තුවාල (සීරීම් සහා තැලීම්) දක්නට ලැබුණි. මේ මරණයට සෘජුව හෝ වක්‍රව බලපාන ස්වභාවික රෝග නොතිබිණි,” යි නොවැම්බර් 20 දා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වේ.

නාගරාසා ඇලෙක්ස් නොවැම්බර් 8 වැනි දින පොලිසිය විසින් වඩුක්කොඩෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දින හතරකට පසු මල්ලාවි මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කරන ලදී. කෙසේ වෙතත්, පොලිස් වාර්තාවේ සඳහන් වන්නේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ නොවැම්බර් 11 වැනිදා බවයි.

නාගරාසා ඇලෙක්ස්ගේ දෙමාපියන් පවසන පරිදි ඔවුන්ගේ පුතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ දින හතරක් අත්අඩංගුවේ තබා ගැනීමෙන් අනතුරුවයි.

නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට නාගරාසා ඇලෙක්ස්ගේ මව පැමිණිලි කර ඇත්තේ පරීක්ෂණයක් සදහා බව පවසමින් සිය පුතු පොලීසිය විසින් නොවැම්බර් 8 වැනිදා අත්අඩංගුවට ගත් බවයි.

තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන දින හතරකට පසු මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔවුන් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

නාගරාසා ඇලෙක්ස් යාපනය බන්ධනාගාරයේ සිරගත කිරීමෙන් පසුව අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන තිබු අතර ඒ අවස්ථාවේදී ඔහු බැලීමට රෝහලට පැමිණි පවුලේ ඥාතියෙකුට නාගරාසා ඇලෙක්ස් තමන් පොලීසිය තුලදී වධ බන්ධනයට මුහුණ දුන් ආකාරය පිළිබඳව කර ඇති විස්තරය එම ඥාතියා විසින් සිය ජංගම දුරකතනයෙන් විඩියෝ ගත කර තිබුනි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...