ලංකාව තුළත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවිය හැකියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර

කොවිඩ් වෛරසයේ ප්‍රභේද වෙනස් වීම එංගලන්තය හෝ යුරෝපයේ පමණක් නොව එවැනි වෙනස්වීම් මෙරට දී පවා සිදුවීමේ හැකියාවක් ඇති බව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර පවසා තිබේ.එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකි ඉක්මනින් කොවිඩ් වෛරසය සමාජයෙන් තුරන් කිරීම සිදුකළ යුතු බවයි මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

එසේම එංගලන්තයෙන් වාර්තා වන කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමේ ප්‍රවණතාවයක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

“නව කොවිඩ් ප්‍රභේදය අපේ රට තුළටත් පැමිණීමේ අවදානමක් තියෙනවා. දිගින් දිගටම අපි මේ ගැන විමසිලිමත් විය යුතුයි. එංගලන්තයේ පැතිරෙන මේ ප්‍රභේදය අපේ රටට පැමිණෙනවා නම් පැමිණෙන්නේ ගුවන්තොටුපොළකින් හෝ වරායකින්. ඒ නිසා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර අවසන් වනතුරු ඔවුන්ව මනාව වෙන්කර තැබීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නියමිත පරිදි අනුගමනය කරන්න කියලයි.”

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...