ලංකාව තුළත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවිය හැකියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර

කොවිඩ් වෛරසයේ ප්‍රභේද වෙනස් වීම එංගලන්තය හෝ යුරෝපයේ පමණක් නොව එවැනි වෙනස්වීම් මෙරට දී පවා සිදුවීමේ හැකියාවක් ඇති බව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර පවසා තිබේ.එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකි ඉක්මනින් කොවිඩ් වෛරසය සමාජයෙන් තුරන් කිරීම සිදුකළ යුතු බවයි මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

එසේම එංගලන්තයෙන් වාර්තා වන කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමේ ප්‍රවණතාවයක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

“නව කොවිඩ් ප්‍රභේදය අපේ රට තුළටත් පැමිණීමේ අවදානමක් තියෙනවා. දිගින් දිගටම අපි මේ ගැන විමසිලිමත් විය යුතුයි. එංගලන්තයේ පැතිරෙන මේ ප්‍රභේදය අපේ රටට පැමිණෙනවා නම් පැමිණෙන්නේ ගුවන්තොටුපොළකින් හෝ වරායකින්. ඒ නිසා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර අවසන් වනතුරු ඔවුන්ව මනාව වෙන්කර තැබීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නියමිත පරිදි අනුගමනය කරන්න කියලයි.”

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...