ස්වභාවික ආපදා අවම කරන ක්‍රියාමර්ග සඳහා වෙන් කළ මුදලින් වියදම් කර ඇත්තේ සියයට 10යි

දේශගුණික අවබලපැම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 27,600ක මුදලක් වෙන්කර තිබුණද පසුගිය වසර තුනක කාලය (2021-2024) තුලදි මින් වියදම් කොට ඇත්තේ රුපියල් මිලියන 2,896.42 ක් හෙවත් සියයට 10.49ක මුදලක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

අධික බලපෑම් සහිත කාලගුණික විපර්යාස සහ ජලවිද්‍යාත්මක උපද්‍රව පිළිබද අනතුරු ඇගවිම් වැඩිදියුණු කිරීම සහ දේශගුණයට ඔරොත්තුදීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙකි ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

එමෙන්ම කැලණි ද්‍රෝණියේ බහුකාර්ය ජල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි. ඉහල බලපෑම් සහිත කාලගුණික තත්ත්ව, ගංවතුර සහ නායයෑම් පිළිබද අනාවැකි කීම සහ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීම, පහළ කැලණි ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරීම සදහා ආයෝජනය කිරීම, දේශගුණික ඔරොත්තුදීමේ හැකියාව වැඩිදියුණු කිරීම හා වාරිමාර්ග සහ වැසි ජල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යන ප්‍රධාන ක්‍රියාකාරකම් පහ යටතේ මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙකි ව්‍යාපෘතියේ පළමු අදියර 2021 වර්ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කොට තිබු අතර 2026 දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිතව තිබුණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන වේ. කාර්ය මණ්ඩල අනුමත කිරීම ප්‍රමාදවිම, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ව්‍යාපෘතියේ ප්‍රගතිය පහළ මට්ටමක පවතින බැව් මෙකි ව්‍යාපෘතියේ කළමණාකාරීත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

උපුටාගැනීම – අද

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...