රුධිරය පරිත්‍යාග කරන ලෙසට ලේ බැංකුවෙන් ඉල්ලීමක්

පවතින තත්ත්වය හමුවේ පසුගිය දිනවල රුධිර පරිත්‍යාග කිරීම් අඩුවීම හේතුවෙන් රුධිර හිඟයක් ඇති වී තිබෙන බව ජාතික රුධිර පාරවිලයනය සේවයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලක්ෂමන් එදිරිසිංහ සඳහන් කර සිටියි.

බස්නාහිර පළාතේ පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලට දැඩි බලපෑම් ඇති වී තිබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් රුධිර පරිත්‍යාග කිරීමට කැමති අයට ඒ සඳහා අවස්ථාවක් හිමිවන බවත් මේ පිළිබඳව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට හැකි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔබට ළඟම ලේ බැංකුව පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයනය සේවයේ මෙම http://www.nbts.health.gov.lk/ වෙබ්අඩවියට පිවිසෙන්න.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...