Day: January 18, 2021
-

ෂුක්රාට කවි ගී ලියන මිනිස්සුන්ට මුස්ලිම් තරුණියක් යථාර්තය පෙන්වලා දෙයි
ෂුක්රා ගැන කවි පද ලියන එක ගැන මට සතුටුයි. හැබැයි මෙන්න මේකයි යතාර්ථය.මම ඇතුලු මුස්ලිම් ප්රජාවගේ මව් බස දෙමල. ජාතිකත්වය මත පදනම් වුන බහුතරවාදී අධිපති කතා වලට අහුවෙලා මගේ දෙමාපියන් ද ඇතුලුව තව බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන්ට සිංහල මාධ්යයෙන් අධ්යාපනය ලබා දුන්නා. කාලයක් තිබුනා අපේ මුස්ලිම් “ඉහල පැලැන්තිය” කියන සෙට් එකක් දෙමල දන්නේ නෑ හා පොෂ් වෙන්න සිංහල කතා කරපු. දැන් උනත් ඉංග්රීසි හා සිංහළ තමයි ඉතින් එයාලා තමන්ගේ සමාඡ පන්තිය පෙන්නන්න භාවිතා කරන්නේ. දෙමල කතා කරන්න දන්නේ නෑ කියන්නේ එයාලට හරි අභිමානයක්.පස්සේ කාලයක් තිබුනා සිංහල සමාඡයේ පිළිගැනීමක් ගන්න සිංහල කතා කරලා, වෙසක් කූඩු හදලා, පන්සල් ගානේ බඩ ගාලා, දන් සල් දීපු. මේ මෝඩ සෙට් එකත් හිතුවේ ඕන්න ඔහොම කරාම හොද මුස්ලිම් වෙලා සිංහල අයගෙන් brownie points දාගන්න. මේ සෙට් එකේ අය දරුවෙක් මහන නොකරා විතරයි. අනිත් ඔක්කෝම කරා.ෂුක්රා කියන්නේ මුස්ලිම් සමාජයේ කෙනෙක් මිසක් මුස්ලිම් සමාඡය නෙමෙයි. ෂුක්රා කියන්නේ ෂුක්රා. ඉතාම ඥානවන්ත, හැකියාවක් ඇති තරුණියක්. ඇයට ආවේණික ඇදුමක්, කතා කරන විලාසයක් හා පෞද්ගලිකත්වයක් තියෙනවා. ඉතාම සතුටුයි ඇයගේ දක්ෂතා ගැන.නමුත් මේවා බලලා චූන් එකේ ඉදන් “අනිත් අයටත් ඇයි ෂුක්රා වගේ සී පද කියන්න බැරි” කියන අයට හා එය තමයි හොද මුස්ලිම් වීමේ නිර්ණායකය කියන අයට මගේ පිළිතුර ෂුක්රා , සද්ධර්මරත්නාවලිය කියවපු අලි සබ්රි හෝ අම්මා එක්ක සිංහල කතා කරපු ඉම්තියාස් බාකිර්මාකර් වීමට අපට අවශ්ය නෑ. බාහිර සමාඡය නොදන්නවා උනාට මුස්ලිම් සමාඡයේ භාෂාමය අධිපතිත්වයක් විශ්වාස කරන, පටු අදහස් දරණ අය ඇරෙන්න බහුතරය දෙමල, සිංහල හා ඉංග්රීසි භාෂාවන් මනාව හසුරුවනවා. කාන්තාවන් අධ්යාපනය අතින් ඉහල තැන් වල සිටිනවා. අනිත් සමාජයන්ට අවශ්ය විදිහට වෙනස් වීමට අවශ්ය නෑ.මෙය ශිෆානා නියාස් ගේ facebook ගිණුමේ පළවූ පොස්ටුවකි. -

පැණි කෝප්ප ගණන් බීපු පියල් නිශාන්තටත් කොවිඩ් – ධම්මික පැණි ප්‍රවර්ධනය කළ ආණ්ඩුව සද්ද නෑ
කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිෂ්පාදනය කරනු ලැබූ පැණි පානය කළ බොහෝ දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතිබව මේවනවිට අනාවරණය වෙමින් පවතියි.
එහි අලුතින්ම වාර්තා වූ සිදුවීම වන්නේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබීමයි.
මේ හේතුවෙන් අමාත්‍යවරයා ගේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇති බවයි වාර්තා වේ.
මේ අතර සමාජ මාධ්‍යවල සංසරණය වෙන ඡායාරූප හරහා පෙනී යන්නේ ආසියාවේ ලොකුම ටයර් කර්මාන්තශාලාව යයි හඳුන්වමින් පසුගියදා හොරණ ප්‍රදේශයේදී ජනාධිපතිවරයා විසින් විවෘත කෙරුණු කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයටද ඔහු සහභාගී වී ඇති බවයි.
පසුගිය දෙසැම්බර් 10 වෙනිදා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් එම ධම්මික බණ්ඩාර නැමැත්තා පාර්ලිමේන්තුවට කැඳවාගෙන විත් එම පැණීය කථානායක මහින්ද යාපා අබේවර්ධනට පිළිගන්වා තිබුණු අතර එහිදී පියල් නිශාන්ත ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම එම පැණිය පානය කර තිබිණි.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටීමට හැකිවනු ඇති බවට වූ විශ්වාස කර කෑගල්ලේ ධම්මික පැණිය තමා ද බිරිඳ ද සිව් නිවුන් දරුවන්ද පානය කළත් වෛරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල ප්‍රකාශ කර තිබේ.
“ලංකාදීප” පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ වන විට ඇඹිලිපිටිය ප්‍රදේශයේ යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.
ධම්මික පැණිය පානය කළ තමාගේ සහෝදරයාට ද ඇතුළුව ඥාතින් සහ හිතවතුන් සැලකිය යුතු පිරිසකට ද වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති බවයි මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.
” මට අවුරුදු 08 ක් වයසැති සිව් නිවුන් දරුවන් ඉන්නවා. ධම්මික වෙද මහත්තයා ඉන්න මගේ නිවසේ ඉදන් කිලෝමීටර් 02ක් දුරින්. ඔහුගේ අතින්මයි මම පැණි බෝතලය අර ගත්තේ.
මස් මාළු හෝ බිත්තර නොකා මමයි පවුලේ අයයි කිව්ව විදිහට මගේ පවුලේ නෝනා, දරුවන් එක්ක පැණිය පාවිච්චි කළා.
මුලින් ලොකු දුවට උණ හැදුනා. ඇන්ටිජන් පරීක්ෂණයෙන් හෙළිවුණා ඇය කොවිඩ් ආසාදිතයි කියලා. පස්සේ අනිත් දරුවන් තිදෙනාගේ, බිරිඳ සහ මගේ පරීක්ෂණ කළා. අපිත් කොරෝනා ආසාදිතයින් කියලා හෙළිවුණා. දැන් අපි පවුලම ඇඹිලිපිටියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.
මම මේ පැණිය සාර්ථක වෙන්න කියලා මුහුණු පොතේ සටහනක් පවා තැබුවා. මේ පැණිය ලබා ගන්න ලංකාවේ හැම තැනින්ම මිනිස්සු ආවා. ඒ නිසා අපේ පළාතේ වෛරසය ව්‍යාප්ත වෙන්න එය බලපෑවා. නමුත් මේ පැණිය කොරෝනා වෛරසයට ප්‍රතිකාරය නොවේ” ඔහු කියා සිටියා.
මෙම පැණිය කොවිඩ් වෛරසයට එරෙහි ඖෂධයක් ලෙස හඳුන්වා දෙමින් එය ප්‍රවර්ධනයට දායක වූවේ ආණ්ඩුව සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය විසිනි. විශාල ජනතාවක් පැණි ලබා ගැනීම සඳහා එක්රැස් වූවේ ඊට පසුවයි. නමුත් ඉන්පසු දිගින් දිගටම කෑගල්ල ප්‍රදේශයේ පැණි පානය කළ ජනතාවට කොවිඩ් අසාදනය වීමේ පුවත් වාර්තා වෙමින් පවතියි. නමුත් පැණි ප්‍රවර්ධනය දායක වූ ආණ්ඩුව එහි වගකීම බාරගත යුතු වුවත් මෙතෙක් එවැනි දෙයක් සිදුව නැත.