ගාලු කොටුවේ විරෝධතාවට බාධා කළාට පොලිසිය – හමුදාව කනගාටුව පළකරයි

2022 වසරේ අරගල සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරතවීමට සූදානම් වූ නීතිඥවරුන්ට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරුන් වෙත සිය කනගාටුව පළකර ඇත.

එම විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් 11දෙනකු විසින් ගොනුකළ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය සහ යුද හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එසේ කනගාටුව ප්‍රකාශ කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කනගාටුව පළකරන බව සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එකඟතාව පළකර ඇත.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

නීතිඥ නලනි කාමලිකා මනතුංග ඇතුළු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරුන් 11 දෙනකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...