Breaking News

අදානි සුළං බලාගාර ගිවිසුමෙන් වසරකට බිලියන11ක පාඩුවක්

අදානි සමාගමේ සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය සතුව තිබෙන මෙගාවොට් එකසිය තුනක බලගාරය සැලකීමේදී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරිමට වැයවන්නේ රුපියල් 15ක මුදලක් පමණක් බවයි.

එහෙත් මෙගාවොට් 484ක බලාගාර දෙකක් මෙරට ඉදි කිරීමට ඉන්දීය සමාගමකට අවස්ථාව ලබා දී තිබෙන බවත්, එම ගිවිසුම්වලදී විදුලි ඒකකයක් ඩොලර් ශත 8.26 කට මිලදී ගැනීමට ගිවිසුම් ගත වී තිබෙන බවත් ඔහු පවසා සිටියා.

පසුගිය සතියේ මෙගාවොට් 50ක සුළං විදුලිබලාගාරයක් ඉදිරිකිරීම සඳහා ඩෙන්ඩර කැඳවීමක් සිදුකළ බවත්, එහිදී විදුලි ඒකකයක් ඩොලර් ශත 05 -06 අතර මුදලක ලබා දීමට ඩෙන්ඩර් ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන්.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය සමාගම සමග ගිවිසුම්ගත වීමට අනුව අදාළ මුදල් ලංකා රජය විසින් රුපියල්වලින් බැංකුවට ගිණුම්ගත කරන බවත්, සමාගමට එම මුදල් ඩොලර්වලින් බැරවන බවයි.

විදුලිබල මණ්ඩලය සතු බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට වැය වන මුදල හා පසුගිය දිනවල සිදුකළ ඩෙන්ඩර් කැඳවීම්වලට අනුව ඉදිරිපත් වූ මිල ගණන් සැසඳීමෙහිදී ඉන්දීය සමාගම සමග ගිවිසුම් ගත වූ මුදලට අනුව වසරකට මෙතරම් මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.

 

leave a reply