ටෙල්කොම් විකිණීමේ සැලැස්ම වෙනුවෙන් සභාපති වෙනස් කරයි

ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත තීරණ ප්‍රශ්න කළ එහි සභාපති රොහාන් ප්‍රනාන්දු ඉවත්කොට එම තනතුරට වෙනත් පුද්ගලයෙකු පත්කර තිබේ.

මාධ්‍ය හමුවක් කැඳවමින් රොහාන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ ඊයේ (20) රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් පත්කර තිබේ. ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

ටෙලිකොම් පනත ප්‍රකාර ව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කරන යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත කොට සම්මත කරගෙන ඇත. රියාස් මිහුලර් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) උදෑසන 9ට තමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බවත්, එහිදී අනපේක්ෂිත ලෙස සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, එම යෝජනාව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනාගෙන් 6 දෙනෙකු අනුමත කළ බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු සඳහන් කර ඇත.

මෙවැනි යෝජනාවක් අද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ න්‍යායපත්‍රයේ සඳහන්ව නොතිබූ බව ද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මීට පෙර අදාළ මැලේසියානු සමාගම මගින් සඳහන් කර තිබුණේ සභාපතිවරයා මාරු කිරීම ඔවුන්ගේ කාර්යයක් නොවන බව යනුවෙනි. එහෙත් හදිසියේ ම එය වෙනස් වී ඇතැයි ද ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය පත්කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධ තීරණ ගැනීමේදී එය මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවත්, එය මෙහිදී ක්‍රියාත්මක වී නැති බවත් වාර්තා වේ.

ටෙලිකොම් ආයතන විකිණීමේ වුවමනාව වෙනුවෙන් මෙවැනි වෙනස්කම් සිදුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ. එසේම මෙම වෙනස්කම් සිදුවන්නේ රනිල් වික්‍රමසිංහගේ ඍජු මැදිහත්වීම සහිතව බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...