ටෙල්කොම් විකිණීමේ සැලැස්ම වෙනුවෙන් සභාපති වෙනස් කරයි

ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත තීරණ ප්‍රශ්න කළ එහි සභාපති රොහාන් ප්‍රනාන්දු ඉවත්කොට එම තනතුරට වෙනත් පුද්ගලයෙකු පත්කර තිබේ.

මාධ්‍ය හමුවක් කැඳවමින් රොහාන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ ඊයේ (20) රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් පත්කර තිබේ. ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

ටෙලිකොම් පනත ප්‍රකාර ව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කරන යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත කොට සම්මත කරගෙන ඇත. රියාස් මිහුලර් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) උදෑසන 9ට තමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බවත්, එහිදී අනපේක්ෂිත ලෙස සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, එම යෝජනාව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනාගෙන් 6 දෙනෙකු අනුමත කළ බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු සඳහන් කර ඇත.

මෙවැනි යෝජනාවක් අද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ න්‍යායපත්‍රයේ සඳහන්ව නොතිබූ බව ද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මීට පෙර අදාළ මැලේසියානු සමාගම මගින් සඳහන් කර තිබුණේ සභාපතිවරයා මාරු කිරීම ඔවුන්ගේ කාර්යයක් නොවන බව යනුවෙනි. එහෙත් හදිසියේ ම එය වෙනස් වී ඇතැයි ද ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය පත්කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධ තීරණ ගැනීමේදී එය මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවත්, එය මෙහිදී ක්‍රියාත්මක වී නැති බවත් වාර්තා වේ.

ටෙලිකොම් ආයතන විකිණීමේ වුවමනාව වෙනුවෙන් මෙවැනි වෙනස්කම් සිදුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ. එසේම මෙම වෙනස්කම් සිදුවන්නේ රනිල් වික්‍රමසිංහගේ ඍජු මැදිහත්වීම සහිතව බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...