අපදා ලක්වූ ගොවි බිම්වලට වන්දි ලබාදීමේදී කෘෂි රක්ෂණ ක්‍රමවේදය සාර්ථක නැහැ – ගොවි අරගල ව්‍යාපාරය

Date:

පසුගියදා ඇතිවූ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපොළ හානියට අමතරව විශාල වගාබිම් ප්‍රමාණයක් විනාශ වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි කුඹුරුවලට ගංවතුර හමුවේ හානිවී ඇති බව වාර්තා වේ.
ඊට අමතරව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එළවලු වගාබිම් රැසක්ද නායයාම් සහ ගංවතුර තත්ත්වය හමුවේ හානියට පත්ව ඇත.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ වගාහානිවලට වන්දි ලබාදීම දෙසැම්බර් 30ට පෙර අවසන් කළ යුතු බැවින් ඒ සඳහා නිලධාරීන් නිවැරදි දත්ත ලබාදීම නිලධාරීන්ගේ වගකීමක් බවයි.

කෙසේවෙතත් දත්ත ලබාගැනීමට අමතරව වන්දි ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ද ආණ්ඩුව සැලකිලිමත් විය යුතු බවට ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පවසා තිබේ. ඔහු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වන්දි ගෙවීමේ ක්‍රමයෙන් බැහැරව ආපදා තත්ත්වය යටතේ විනාශ වී ඇති කුඹුරු යලි වගා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට හදිසි තත්ත්වයක් සේ සළකා රජය මැදිහත් විය යුතු බවයි.

කුඹුරු වගා කර දින දාහතරක් ගතවී විනාශ වුනේ නම් වන්දි ගෙවන කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා වෙනදාට ක්‍රියාත්මක කරන ක්‍රමවේදය පවතින තත්ත්වයට උචිත නැතැයි ද විමල් වත්තුහේවා පවසයි.

එසේම ඇළ වේලි සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ගොවින් රජය මගින් ලබාදීම අත්‍යවශ්‍ය බව ඔහු පවසයි. ඊට අමතරව බිත්තර වී සහ පොහොර ලබාදීමද සිදුකළ යුතු බව ගොවි අරගල ව්‍යාපාරයේ අදහසයි.

එසේම විමල් වත්තුහේවා පැවසුවේ එළවලු ගොවීන්ට වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් රටේ නොමැති නිසා ඒ සඳහා මැදිහත්වීමක් ද අවශ්‍ය බවයි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...