Day: May 16, 2024

  • අදානි සුළං බලාගාර ගිවිසුමෙන් වසරකට බිලියන11ක පාඩුවක්

    අදානි සුළං බලාගාර ගිවිසුමෙන් වසරකට බිලියන11ක පාඩුවක්

    අදානි සමාගමේ සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරනවා. එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය සතුව තිබෙන මෙගාවොට් එකසිය තුනක බලගාරය සැලකීමේදී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරිමට වැයවන්නේ…

  • රනිල් හොරු අල්ලන්න අලුත් නීති 75ක් ගෙනත්ලු

    රනිල් හොරු අල්ලන්න අලුත් නීති 75ක් ගෙනත්ලු

    ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව රනිල් වික්‍රමසිංහ පැවසීය. හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බවත් , එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා…

  • ‘මන්ත්‍රීවරුන්ට හිඟාකාලා ජීවත්වෙන්න බැ’ -හර්ෂ ද සිල්වා

    ‘මන්ත්‍රීවරුන්ට හිඟාකාලා ජීවත්වෙන්න බැ’ -හර්ෂ ද සිල්වා

    මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකමින් ජීවත්විය නොහැකි බවත් මන්ත්‍රීට අවශ්‍යනම් වාහන ලබා දිය හැකි බවත්, එසේ නොවුනහොත් හොරකම් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව පැවසුයේ, අද (15) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාහන ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය. “සමහර…

  • අධිකරණවල ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවා ගොඩ ගැහිලා

    අධිකරණවල ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවා ගොඩ ගැහිලා

    මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා අපයෝජන නඩු 7,495ක් සහ මහේස්ත්‍රාත් අධිකරණවල ළමා අපයෝජන නඩු 12,580ක් පවතින බවට අනාවරණය වුණා. එමෙන්ම මෙම වසරේ අප්‍රේල් 30 වැනිදා වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන පැමිණිලි 2,751ක්…