ෂුක්රාට කවි ගී ලියන මිනිස්සුන්ට මුස්ලිම් තරුණියක් යථාර්තය පෙන්වලා දෙයි

ෂුක්රා ගැන කවි පද ලියන එක ගැන මට සතුටුයි. හැබැයි මෙන්න මේකයි යතාර්ථය.
මම ඇතුලු මුස්ලිම් ප්රජාවගේ මව් බස දෙමල. ජාතිකත්වය මත පදනම් වුන බහුතරවාදී අධිපති කතා වලට අහුවෙලා මගේ දෙමාපියන් ද ඇතුලුව තව බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන්ට සිංහල මාධ්යයෙන් අධ්යාපනය ලබා දුන්නා. කාලයක් තිබුනා අපේ මුස්ලිම් “ඉහල පැලැන්තිය” කියන සෙට් එකක් දෙමල දන්නේ නෑ හා පොෂ් වෙන්න සිංහල කතා කරපු. දැන් උනත් ඉංග්රීසි හා සිංහළ තමයි ඉතින් එයාලා තමන්ගේ සමාඡ පන්තිය පෙන්නන්න භාවිතා කරන්නේ. දෙමල කතා කරන්න දන්නේ නෑ කියන්නේ එයාලට හරි අභිමානයක්.
පස්සේ කාලයක් තිබුනා සිංහල සමාඡයේ පිළිගැනීමක් ගන්න සිංහල කතා කරලා, වෙසක් කූඩු හදලා, පන්සල් ගානේ බඩ ගාලා, දන් සල් දීපු. මේ මෝඩ සෙට් එකත් හිතුවේ ඕන්න ඔහොම කරාම හොද මුස්ලිම් වෙලා සිංහල අයගෙන් brownie points දාගන්න. මේ සෙට් එකේ අය දරුවෙක් මහන නොකරා විතරයි. අනිත් ඔක්කෝම කරා.
ෂුක්රා කියන්නේ මුස්ලිම් සමාජයේ කෙනෙක් මිසක් මුස්ලිම් සමාඡය නෙමෙයි. ෂුක්රා කියන්නේ ෂුක්රා. ඉතාම ඥානවන්ත, හැකියාවක් ඇති තරුණියක්. ඇයට ආවේණික ඇදුමක්, කතා කරන විලාසයක් හා පෞද්ගලිකත්වයක් තියෙනවා. ඉතාම සතුටුයි ඇයගේ දක්ෂතා ගැන.
නමුත් මේවා බලලා චූන් එකේ ඉදන් “අනිත් අයටත් ඇයි ෂුක්රා වගේ සී පද කියන්න බැරි” කියන අයට හා එය තමයි හොද මුස්ලිම් වීමේ නිර්ණායකය කියන අයට මගේ පිළිතුර ෂුක්රා , සද්ධර්මරත්නාවලිය කියවපු අලි සබ්රි හෝ අම්මා එක්ක සිංහල කතා කරපු ඉම්තියාස් බාකිර්මාකර් වීමට අපට අවශ්ය නෑ. බාහිර සමාඡය නොදන්නවා උනාට මුස්ලිම් සමාඡයේ භාෂාමය අධිපතිත්වයක් විශ්වාස කරන, පටු අදහස් දරණ අය ඇරෙන්න බහුතරය දෙමල, සිංහල හා ඉංග්රීසි භාෂාවන් මනාව හසුරුවනවා. කාන්තාවන් අධ්යාපනය අතින් ඉහල තැන් වල සිටිනවා. අනිත් සමාජයන්ට අවශ්ය විදිහට වෙනස් වීමට අවශ්ය නෑ.
මෙය ශිෆානා නියාස් ගේ facebook ගිණුමේ පළවූ පොස්ටුවකි.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...