ජනතාවගෙන් අයකරන බදු සමාගම් සාක්කුවල

ලියාපදිංචි වී ඇති වැට් බදු (අගය එකතු කළ බදු) ලිපිගොනු සංඛ්‍යාව සැබෑ සංඛ්‍යාවට වඩා ඉතා අඩු බව වාර්තා වේ. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති රාජ්‍ය අමාත්‍යවරයා ලසන්ත අලගියවන්න පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ සත්‍ය අංකය සහ ලියාපදිංචි අංකය අතර වෙනස ‘විශ්වාස කළ නොහැකි’ විය හැකි බවයි.

වැට් බද්ද යනු අවසාන පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන භාණ්ඩ හා සේවා මත අය කරන පරිභෝජන බද්දකි. එය බොහෝ විට අසාධරණය බද්දක් ලෙස සැලකෙන්නේ එය අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට සහ කුටුම්භවලට අසමානුපාතික බලපෑමක් ඇති කරන බැවිනි.

අලගියවන්න ප්‍රකාශ කරන්නේ වැට් බදු ගෙවීමට අදාළව සමාගම් ලිපිගොනු 13,000ක් පමණක් ලියාපදිංචි කර ඇති නමුත් සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි.

“අපි කෑම කනකොටත් වැට් බද්ද අපේ බිල්පත්වලට එකතු වෙනවා. නමුත් අපෙන් එකතු කරන මුදල් බොහෝ අවස්ථාවල භාණ්ඩාගාරයට යන්නේ නැහැ ” ඔහු පවසයි.

විස්තීරණ අරමුදල් පහසුකමේ මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති ආදායම් ඉලක්කය සපුරාලීම සඳහා වැට් බදු අනුපාතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව පෙනී යන්නේ ජනතාව මත බර පටවමින් ක්‍රියාත්මක කරන බදු එකතු කිරීම් අවසානයේ රටේ ආදායමට එකතු නොවන බවයි. ඒවා අතරමැදදී යටි මඩි ගසන බවයි. එය සිදුකරන්නේ සමාගම් විසිනි. නමුත් ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනතාවට පටි තදකරගන්නා කියන ආණ්ඩු මෙම අසාධාරණය ඉදිරියේ නෑසුකන්ව සිටින බව පැහැදිලිය.

Share post:

Popular

More like this
Related

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...

” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ...