Breaking News

ආලෝක තරණය

සාලිය ඉඳුරුවිතාන

ආලෝක තරණය යන තේමාව යටතේ මුහුණු පොතට ලිපි මාලාවක් ලියන්නට තීරණය කලා මිතුරු මිතුරියනි. එයට විශේෂිත වූ කාරණා කීපයක්ම බලපෑ අතර, එම ලිපි මාලාව විද්‍යාව, දර්ශනය, දේශපාලනය, සාහිත්‍ය, සිනමාව, සංගීතය, ගීතය, කවිය හා චිත්‍ර කලාව හා ඒ පිළිබද ලියැවුණු පොත පත පදනම් කරගෙන ලියන ලිපි මාලාවකි.

ලෝකය විද්‍යාව, තාක්ශණය, අධ්‍යාපනය හා සංස්කෘතික මතවාද අතින් කෙතරම් දියුණු වුවත්, අපේ වගේ රටවල් තවමත් එකම තැනක කැරකෙන්නට ප්‍රධාන හේතු ගණනාවක්ම තියෙනවා. එහි ප්‍රධානතම හේතුවක් ලෙස මා දකින්නේ අප තුළ තියෙන යැපුම් මානසිකත්වයයි. අප තවමත් ආගමික මිත්‍යාවන් පසුපස යන, දේශපාලකයින්ගේ ගොදුරු බවට පත්වූ, කිසිම තර්ක බුද්ධියක් නැති, අනෙකා මත යැපෙන ජනතාවක් ලෙස ජීවත් වෙමු. ව්‍යාජ අධ්‍යාත්මිකත්වයක් පෙන්වමින් අනෙකාගේ තර්ක බුද්ධිය මොට කරන, මිල මුදල් වෙනුවෙන් ඕනෑම පහත් වැඩක්‌ කරන, එකා මත එකා වැටී කුළල් කාගන්නා අසිහියෙන් ජීවත් වන ජන සමාජයක් ඉදිරියට යන්නේ නැති බව දැන් අපට හොඳටම පසක් වී හමාරයි.

යල් පැනගිය මිත්‍යා අදහස් ඇති පැරණි ලෝකයට අයත් පරම්පරාවේ අදහස් පසෙකලා නව තරුණ පරම්පරාව දැන් දැනුමෙන්, බුද්ධියෙන් හා නිර්මාණශීලීත්වයෙන් ඉදිරියට යා යුතු කාලය එළඹ ඇත. මගේ මේ ලිපි මාලාව ඒ අය වෙනුවෙනි. මිත්‍යාවෙන් විද්‍යාවටත්, අඳුර ඉරාගෙන ආලෝකය තරණය කරන්නටත් කැමති ඔබටයි මගේ මේ ආලෝක තරණය.

ඉතිං, කේ. බී රාජපක්ෂ විසින් පරිවර්තනය කල Stephen Hawking ගේ A Brief History of Time කියන කෘතියේ, කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය කියන සිංහල පරිවර්තනය සමග අපි හමුවෙමු.

 

leave a reply