රාජ්‍ය කඩා වැටුණොත් දැවැන්ත ප්‍රශ්නයක් ඇති වෙනවා.

රාජ්‍ය කඩා වැටුණොත් දැවැන්ත ප්‍රශ්නයක් ඇති වෙනවා. වහාම පුළුල් වැඩපිළිවෙලකට යන්න. කොළඹ තරුණ බෞද්ධ සංගමය ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියළුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී ජනතා ඉල්ලීමට සහ අපේක්ෂාවන්ට සංවේදීව කන්දී රට මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා විනිවිදභාවයකින් සහ අවංකව, විශ්වසනීය වැඩපිළිවෙලක් වහාම සකස් කළ යුතුව ඇතැයි කොළඹ තරුණ බෞද්ධ සංගමය අවධාරණය කරයි.

අද (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා පැවසුවේ රට මුහුණ දෙන උග්‍ර විනිමය අර්බුදය හේතුවෙන් ඇතිවී තිබෙන පීඩනය හමුවේ ජනතා අරගලයක් ඇතිවී තිබෙන බවයි. මේ නිසා, ඉදිරියේදී රාජ්‍ය කඩා වැටීමට හැකි බවත් එය ආණ්ඩුවක් කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් වනු ඇති බවත් මෙහිදී ජයසේකර මහතා පැවසීය.

“මේ ජනතා අරගලය ඉදිරියේදී තවත් උත්සන්න වෙන්න පුළුවන්. එවිට ඇතිවිය හැකි බැරෑරුම්ම අර්බුදය තමයි රාජ්‍ය කඩා වැටීමට තිබෙන අවධානම. එය ආණ්ඩුවක් කඩා වැටුණාට වඩා දරුණු තත්ත්වයක්. ආණ්ඩුවක් කඩා වැටුණම ඕනම කෙනෙකුට ආයෙත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. නමුත්, රාජ්‍ය කඩා වැටුණොත් එය බරපතල ප්‍රශ්නයක්.“

මේ නිසා, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රටට වගකියන සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී එක්වී රට බේරාගැනීම සඳහා අඩුම ගණනේ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලේකම් මද්දුමගේ ආරියරත්න මහතා, භාණ්ඩාගාරික ප්‍රසන්ත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...