හෙටක් ගැන බලාපොරොත්තු ඇති කරවන සිනහව

තුර්කියේ සහ උතුරු සිරියාවේ ඇතිවූ භූමි කම්පාව හේතුවෙන් මියගිය පිරිස 5000ට ආසන්න වී තිබේ.

තුර්කියේ සහ සිරියාවේ නගර කිහිපයකම විශාල ගොඩනැගිලි බිමට සමතලා වී තිබේ.

ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලමින් තුර්කිය නිවේදනයක් නිකුත් කිරීමත් සමග ආධාර ලබා දෙන බවට මේ වන විට ලෝක නායකයින් පොරොන්දු වී තිබේ .

තුර්කි භූ කම්පන විද්‍යාඥයන් ඇස්තමේන්තු කළේ භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4ක් ලෙසයි. කෙසේ වෙතත් මිනිත්තු කිහිපයකට පසු දෙවන කම්පනයක් කලාපයට පැමිණ ඇත.

තුර්කිය පිහිටා ඇත්තේ ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී භූමිකම්පා කලාපයක ය.

මේ ඇතිවූ ඛේදවාචකය සම්බන්ධයෙන් වන ඡායාරූප අතර බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඡායාරූපය වී ඇත්තේ තම කුඩා සහෝදරයා රැකගනිමින් සුන්බුන් ගොඩක් අතර සිටිමින් සිනා සෙමින් සිටින දරුවෙකු දැක්වෙන ඡායාරූපයක් වෙතයි.

තමන්ගේ ජීවිතය අවදානමේ වැටි ඇති මොහොතක මිනිස් ගුණයන් ගැන මතක් කරගැනීම ඉතා අපහසු දෙයක් වනු ඇත. එම නිසාම එවන් මොහොතක යම්කිසි මිනිසෙකු පෙන්වන ඉතා කුඩා මිනිස් ගුණයක් යනු ඉතා වටිනා දෙයකි. තමන්ගේ ජීවිතය ගැන පමණක් සිතීමට උගන්වන ලෝකයකට මේ සිරියානු දරුවා ඉතා හොඳ පණිවිඩයක් දී තිබේ. අප ඕනෑම මොහොතකදී මිනිසුන් ලෙස හැසිරිය යුතුය. එම දරුවාගේ සිනහව හෙට උදාවෙන යහපත් ලෝකයක් ගැන බලාපොරොත්තු දල්වන්නේ ඒ නිසාවෙනි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...