Breaking News

ලංකාවේ පරිසර ඇගයීම් මාෆියාව

කපිල මහේෂ් රාජපක්ෂ

ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති හෝ කාර්මික ආයෝජන සදහා පාරිසරික නිස්කාශන/ අනුමැතිය ලබා ගැනිමේ ක්‍රියාවලිය අදවන විට පවතිනුයේ බොහෝසෙයින් දුෂිත මෙන්ම කාලය කාදමන අතර මැදියන්ගේ හා අතලොස්ක්වු දුශිතයින් පිරිසකගේ ග්‍රහනයට නතුවෙමින්ය.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ අඩංගු විදිවිදාන සහ ඒම පනතට වරින්වර ඒක්වු සංශෝදන ගනනාවක ප්‍රතිපලයක් ලෙස විධිමත් විද්‍යාත්මක පාරිසරික හානි ඇගයිම් ( EIA Regulations) ක්‍රමවේදයක් නෛතිකව ස්තාපිත වි ඇති අතර ඒ් සදහා වන ආයතනික ව්‍යුහයන්ද රට සතුය.
ඒමෙන්ම ඔ්නැම පරිමානයක ව්‍යිපෘතියක් මගින් උද්ගත විය හැකි පාරිසරික හානි නිවැරදිව ඇගයිමට සුදුසුකම් ලත් විවිධ ක්ෂේත්‍රයන්හි පාරිසරික විශේසඥයින්/ උපදේශකයින් සැලකියයුතු පිරිසක්ද රට තුල සිටියි. මධ්‍යම පරිසර අධිකාරිය ඇතුලු ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතන තුල සද්භාවයෙන් තම රාජකාරියෙහි නිරතවන නිළධාරින් බොහෝපිරිසක්ද සිටියි.

කෙසේ වෙතත් මෙම ක්‍රියාදාමයේ සම්බන්ද අතලොස්සක් වු දුෂිත නිලධාරින් පිරසක් සහ වගකිම් විරහිත උපදේශකයින් පිරිසකගේ ක්‍රියාකලාපය හේතුවෙන් EIA වාර්තාවක් සකසකර ගැනිම මෙන්ම පාරිසරික අනුමැතියක් ලබාගැනිම ඇතැම් අවස්තාවල මිලියන ගනනක් මුදල් මෙන්ම කාලය වැයවන කාර්යක් බවට පත්ව ඇත.

ඒමෙන්ම ඒසේ ඉදිරිපත්වන පාරිසරික හානි ඇගයිම් වාර්තාවල විස්වසනියත්වය ගුනාත්මක බාවයේ පවතින ගැටලු හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම තුලදි බරපතල පාරිසරක හානි මතුවු අවස්තා ඒමටය.මෙබැවින් මෙම ක්‍රියාදාමය වටා ගොඩනැගි ඇති දුෂිත ජාලය පිලිබද සාකච්ඡාවක් ගොඩනැගිය යුතුමය.
ඔබ යම් ඉදිකිරිමක් හෝ ව්‍යාපෘතියක් සදහා පාරිසරික අනුමැතිය ලබාගැනිමට අපේක්ෂා කරයි නම් මුලිකවම කල යුත්තේ යෝජිත ඉදිකිරිම හෝ ව්‍යාපාතිය පිලිබද මුලික තොරතුරු වාර්තාවක් මද්‍යම පරිසර අධිකාරිය වෙත බාරදිමයි මේ සදහා ආදර්ශ ආකෘතියක් පවති(BIQ-Basic Information Questioner ).
මෙය ඉදිරිපත් කිරිමෙන් පසු ව්‍යාපෘතියේ ස්වභාවය අනුව පරිසරික හානි ඇගියිමක්(EIA/IEE) සිදුකර වාර්තාවක් සකස් යුතු මට්ටමේ ව්‍යාපෘතියක් නම් ඒම අද්‍යයනය ක්‍රියාවලිය ආරම්බකිරිමට අදාල පියවරයන් වෙත යොමු කිරිම සිදුවන අතර පාරිසරික ඇගයිම්ක් අවශ්‍ය නොවන ව්‍යාපෘතියක් නම් පාරිසරික නිර්දේශ ප්‍රමානයකට යටත්ව පාරිසරික අවසරය ලබාදිම සිදුවේ.

මෙහිදි පාරිසරික ඇගයිමක් අත්‍යවශ්‍ය වන ව්‍යාපෘති ලයිස්කුවක් (Prescribe List) ජාතික පරිසර පනතේ සදහන් වන අතර ඒහිදි ව්‍යාපෘතියේ පරිමානය මෙන්ම උද්ගතවිය හැකි පරිසර හානියෙහි ප්‍රබල්වය සලකා සිදු කල යුත්තේ පරිසරික හානි ඇගියිමක්(Environment Impact Assessment-EIA) ද ඒසේත් නැතිනම් මුලික පාරිසරික විබාගයක් (Initial Environmental Examination) යන්න මද්‍යම පරිසර අධිකාරිය හෝ ඒමගින් යොමුකරන ලද ව්‍යපෘති අනුමත කිරිමේ ආයතනයයත් විසින් තිරනය කරනු ලබයි.

මෙම අවදියේදි ඇතැම් තැරැව් කරුවන් ව්‍යාපෘති යෝජකයා රවටමින් මෙම දිර්ඝ මාවත වෙනුවට කෙටි පාරකින් පරිසර අනුමැතිය ලබාදිය හැකි බව පවසා හෝ අදාල පියවරයන් වඩාත් ඉක්මනින් සිදුකර දිමට හැකි බව පවසා අල්ලස් ලබාගන්නා අවස්ථා බොහොමය.

යම් හෙයකින් පරිසරික හානි ඇගියිමක්(Environment Impact Assessment-EIA) සිදුකර වාර්ථාව සැපයිමට සිදුවු කල ව්‍යාපෘති යෝජකායාට සිදුවනුයේ ඒ් සදහා යම් උපදේශන සමාගමක හෝ මද්‍යම පරිසර අදිකාරියේ ලියාපදිංචි පිරිසර විශේසඥ/උපදේශක යකුගේ සහාය ලබාගැනීමටයි.

මෙම කාර්ය සදහා සදහා සුදුසුකම් ලත් උපදේශන සමාගමක උපදේශකයින් කංඩායමක් හෝ උපදේශක යකු තෝරාගත හොත් අද්‍යයනය නිවැරදිව සිදුකර වාර්තාව නිසි අවස්තාවේදි වාර්තාව ඉදිරිපත්කල හැකිවන අතර ඒවැනි අවස්තාවක ව්‍යාපාතිය ප්‍රමාදයකින් තොරව ආරම්බකිරිමට අවස්තාව ලැබේ.
කෙසේවෙතත් මධ්‍යම පර්සර අධිකාරිය හෝ ව්‍යාපෘති අනුමත කරන ආයතනයන්හි ඇතැම් පලාත් කාර්යාල වල දුෂිත නිලදාරින් සමග සබදතා සහිත දුෂිත පිරිසර විශේසඥ/උපදේශක යින් සිටින අතර ඒවැන්නකු සම්බන්දවුව හොත් අදාල පරිසර අද්‍යයනයේ සැබැ පිරිවැයට වඩා ඉතා වැඩි මුදලක් ලබාගෙන ඒයින් කොටසක් ඉහතකි දුෂිත නිලධාරියාගේ සාක්කුවට යොමුකිරිම සිදුවන අවස්ථා බොහෝය.

මැතකදි මා මුනගැසුනු එක් ව්‍යාපෘති යෝජකයකු ඔහුගේ ව්‍යපෘති යෝජනාව මා වෙත එවා තිබුනේ පාරිසරික අනුමැතිය ලබාගැනිම සදහා ඔවු විසින් උපදේශකයකුට මුදල්ගෙවා සකස් කරගත් IEE වාර්තාවේ පිටපතක්ද සහිතවය. ඔවු පවසන පරිදි මේ වන විට එම වාර්තාව සකස්තර ගැනිම සදහා රුපියල් මිලියන හතරක් පමන වැයකර ඇත. නමුත් සකස්කර ඇති වාර්තාව නිවැරදි නොවන බැවින් මධ්‍යම පරිසර අධිකාරිය දන්වා ඇත්තේ ව්‍යාපෘතිය මගින් උද්ගත විය හැකි පාරිසරික හානි නිවැරදිව පුරෝකතනය කර වාර්තාව නැවත සකස් කරන ලෙසයි.

සැබැවින්ම එම ව්‍යාපෘතියේ ස්වභාවය හා ඔහු සතු තාක්ෂනික දත්ත ප්‍රමානය සැලකිල්ලට ගත විට මාගේ අවබෝදයට අනුව එම අධ්‍යනය මුලුමනින් සාර්ථකව සිදුකර වාර්තාව සකස් කිරිමට වැය වන්නෙ රුපියල් මිලියනයකට අඩු පිරිවැයකි.කෙසේ වෙතත් අදාල උපදේශකයා සිදුකර ඇත්තේ යෝජිත තාක්ෂනික ක්‍රමවේදයට වඩා මුලුමනින් වෙනස් ඝන අපද්‍රව්‍ය දහනය කරනු ලබන ව්‍යාපෘතියකට සිදුකල අධ්‍යනය කොපි කර සටහන් කිරිමයි.

ඇතැම් පරිසරඅධ්‍යනයන් සිදුකරන උපදේශකයින්, විශ්ව විද්‍යාල ආචාරවරුන් අධ්‍යනයේ මුල්‍යමය ප්‍රතිලාභය සළකා එකවර ව්‍යාපෘති කිහිපයක අධ්‍යනයන් බාරගන්නා නමුත් ඔවුන්ට සැබැවින් ම ඒ වෙනුවෙන් මිඩංගු කලහැකි කාලයක් නොමැත.

එවිට සිදුවන්නේ තම ගෝලබාලාදින් යවා ඇතැම් ක්ෂේත්‍ර දත්ත එකතු කර මින් පෙර සිදුකල අධ්‍යනයයන්හි ද්වීතික දත්ත අමු අමුවේ කොපි කර සටහන් කර පරිසර වාර්තාව සැපයීමයි. එක් ප්‍රසිද්ධ ආචාර්යවරයෙකු වාරිමාර්ග ක්ෂේත්‍රයේ ව්‍යාපෘතියක් සදහා ලියනලද EIA වාර්තාවක මැදකොටසේ හෝටල් සංකිර්න කොමර පිලිබද සටහන්ව තිබු බව එක් නිලදාරියෙකු මා සමග කිවේ වසර කිහිපයට පෙරය.

මධ්‍යම පරිසර අදිකාරිය ඇතුලු ව්‍යාපෘති අනුමත කරන ආයතන යම් ව්‍යාපෘතියක වාර්තාව සකස් කිරිම සදහා නිර්නය විශය TOR(Terms of reference) ලබා දිමේදී ඇතැම් විට මේ සමානම සිදුවිමක් සිදුවේ.

එහිදි අදාල ව්‍යාපෘතිය පිලිබදව ගැඹුරින් සලකා එමගින් උද්ගතවිය හැකි හානි හදුනා ගැනිම සදහා අධ්‍යනය සිදුකලයුතු අවශ්‍යම විශය පරාසය සහිතව TOR(Terms of reference) ලබාදිය යුතු නමුත් බොහෝවිට සිදුවන්නේ පෙර ව්‍යාපෘති සදහා ලබාදුන් TOR(Terms of reference) කොපි කර අලවා සකස්කල අනවශ්‍ය ලෙස දිගු නමුත් පලදායි නොවන TOR ලබාදිමය.

එමගින් පරිසර අධ්‍යනය සිදුකරන පාර්ශවය අපහසුතාවයට පත්වන අතර අවසානයේ අනවශ්‍ය ද්විතික දත්ත ගොන්නක් සහිත ප්‍රතිපලයක් නොමැති වාර්තාවක් සකස්කිරිම පමනක් සිදුවේ.

මේ සියල්ල සලකා බැලු කල අප රටෙහි පාරිසරික හා ස්වභාව සම්පත් සදහා අනාගතයක් පවතින්නට නම් මෙම ඇගයිම් ක්‍රියාවලිය අරක්ගත් දුෂිතයන් හෙලිදරව් කිරිමට හා පසුගාමිත්වයන් නිවැරදි කර ගැනිමට ඉක්මන් පියවර ගතයුතුවම තිබේ

leave a reply