තිරිඟු පිටිවල ප්‍රමිතියට වගකියන්න කෙනෙක් නැහැ

ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආනයන හා අපනයන පාලකවරයා සතු ඒ සඳහා වන බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබාදෙන්නේ නම් තිරිඟු පිටිවල ප්‍රමිතිය පරීක්‍ෂා කළ හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

වෙළෙඳපොළේ ඇති තිරිඟු පිටි පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ දී අද (25) පැවසීය.

තිරිගු පිටි වල පවතින ප්‍රමිතිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කළ බවත් ඔහු සඳහන් කර තිබුණි. නමුත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අවසන්නේ එවැනි දෙයක් කිරීමට තමන්ට බලයක් නොමැති බවයි.

පසුගිය සමයේ ත්‍රිපෝෂ, පොල්තෙල් වැනි ද්‍රවය විෂ සහිත වීමේ සිදුවීම් සහ ගෑස් ප්‍රමිතියෙන් යුතු නොවීම සම්බන්ධයෙන් ද ප්‍රමිති ආයතනයේ වගකීම් ගැන ස්කඡාවක් මතුවිය. නමුත් ඒවා සියල්ල සකච්ඡාවලට පමාක් සීමා වී තිබේ. ඊට විරුද්ධව ජනතාවට ලබාදෙන ආහාර ඇතුළු කිසිදු ද්‍රවයක් සම්බන්ධයෙන් වගකීමක් ගැනීමට ආණ්ඩුව පාර්ශවයෙන් වගකිවයුතු ආයතනයක් නැති බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...