Breaking News

පාස්කු ප්‍රහාරය – ප්‍රහාරයට රාජපක්ෂලාගේ සම්බන්ධය හෙළිකරන වීඩියෝවක් අද එළියට

2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් හෙට (05) විකාශය කෙරෙන “Sri Lanka’s Easter Bombings – Dispatches” නම් වැඩසටහනෙහි අන්තර්ගත වීමට නියමිත බව එක්සත් රාජධානියේ චැනල් – 4 ප්‍රවෘත්ති නාලිකාව නිවේදනය කිරීමත් සමඟ නැවතත් රාජපක්ෂලා මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සංවාදයක් මතුව තිබේ.

2019 අප්‍රේල් 21 දින සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආණ්ඩු බලය හෙබවූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සමීප රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වූ බව චැනල් 4 නාලිකාව උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබේ.

රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් තමන් හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සුරේෂ් සලෙයි සහ ඉස්ලාමීය රාජ්‍යයට අනුබද්ධ බෝම්බකරුවන් අතර කුමන්ත්‍රණයක් සිදුකිරීමට 2018 රැස්වීමක් සංවිධානය කළේ යැයි ඉහළ නිලධාරියෙකු සඳහන් කළ බව ද එම පුවත්පත සඳහන් කර ඇත.

‘රැස්වීම ඉවරයි, සුරේෂ් සලේ මා ළඟට ඇවිත් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍යයි, ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි’ යනුවෙන් හන්සීර් අසාද් මවුලානා මෙම වැඩසටහනට ප්‍රකාශ කර ඇතැයි ද එම වාර්තාවේ තිබේ.

මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර් හෙවත් අසාද් හන්සීර් මවුලානා යනු වර්තමාන රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ටීඑම්වීපී පක්ෂයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා සහ මුදල් ලේකම්වරයා ය.

මවුලානා පසුගිය වසරේ විදේශගත වී ඇති අතර, ඔහු සිය සාක්ෂිය යුරෝපීය බුද්ධි අංශවලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබේ. ඔවුන් ඔහුගේ ප්‍රකාශ විශ්වාසනීය ලෙස සලකමින් විමර්ශනය කරන බව ද එම වාර්තාව සඳහන් කරයි.

ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස හයකට පසු ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන බවට දුන් පොරොන්දුව මත ගෝඨාභය රාජපක්ෂ බලය ලබා ගැනීමත් සමඟ සුරේෂ් සලේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස උසස් කරන ලද බවයි.

පාස්කු ප්‍රහාරයට රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ශ්‍රී ලංකාව තුළ බොහෝ කලක සිට කටකතා පැතිර ගිය නමුත් ඔවුන් බෝම්බකරුවන් සමඟ සම්බන්ධ යැයි කියනු ලබන තොරතුරු පළමුවරට අනාවරණය කිරීමට හිටපු චැනල් 4 ප්‍රවෘත්ති කර්තෘ Ben de Pear විසින් ආරම්භ කරන ලද Basement Films විසින් සාදන ලද වාර්තා චිත්‍රපටය මූලික වී තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබියදී විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා, අන්තර්ජාලය ඔස්සේ කළ ප්‍රකාශයකින් සිය කීර්තියට හානියක් සිදු වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (සැප්තැම්බර් 4 වැනිදා) කොළඹ දිසා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කිරීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය 2021ඔක්තෝම්බර් 23 දින “සූම් “ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයකින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම නඩු විභාගය අවස්ථාවේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා මේ බව තිබේ.

 

leave a reply