තර්ජනයක් තියෙනවා නම් එක් ගිනි අවියක් ළඟ තබාගත හැකියි  

අනුර කුමාර දිසානායක ජනාධිපති ඌවයින් පසුව ආරක්ෂක අමාත්‍යාංශය විසින්  විවිධ පුද්ගලයන්ට සහ භාපාරික ආයතන සහ හිමිකරුවන්ට ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී තිබුන ගිනි අවි නැවත කැඳවීමට තීරණය කරනු ලැබුව . ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් පුද්ගල ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාදෙන බවට නිවේදනයක්ද ඔවුන් විසින්  ප්‍රකාශයට පත්කරනු ලැබුව. එසේ සිදු කරන ලද සමීක්ෂණවල වාර්තාවන් ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් ජීවිත ආරක්ෂණය සඳහා ගිනි ලබාදීමට රක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා .

මේ නව තීරණයට අනුව ජීවිත ආරක්ෂාව සඳහා එක් පුද්ගලයකුට ලැබෙන්නේ එක් ගිනි අවියක් පමණයි . යම් පුද්ගලයෙකු  එක් ගිනි අවියකට වඩා ඉල්ලා සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක්  සිදු කර ඉන් අනතුරුව එය ගිනි අවියකට වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න පිළිබඳව තීරණය කරන බවයි

එපමණක් ද නොව නව තීරණවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බවයි. සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධ සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදීය. සිවිල් පුද්ගලයින් වෙනුවෙන් ගිනිඅවි 1550ක් නිකුත් කර තිබූ බව ද ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...