සමෘද්ධිලාභීන් ගෙන් වැඩි කොටසක් කපා හැරීම සඳහා අස්වැසුම අරගෙන ආණ්ඩුව ඇවිත්

සමෘදි සහනාධාරය වෙනුවට රනිල්  රාජපක්ෂ ආණ්ඩුවෙන් යෝජනා කර තිබෙන අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ යටතේ සමෘද්ධිය ලැබූ බොහෝ දෙනෙකුගේ සමෘද්ධිය කැපී ගොස් ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතිනවා. මෙසේ සමෘදි අහිමි වී තිබෙන බහුතරයක්  එදිනෙදා ජීවිතය අමාරුවෙන් ගැට ගහගන්නා මිනිසුන් බව ඒ ඒ පළාත් වල සමෘද්ධිය කපා හැර තිබෙන  අය සමග කතා බහ කිරීමේ දී වැටහෙනවා.   නව  අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළට ඇතුලත් නොවුණු සමෘද්ධිය ලැබුණු  අයගේ විවේචනය ආණ්ඩුව විසින් කළා යැයි කියන  සංගණනය වෙත යොමු වී තිබෙන අතරම සංගණනය සඳහා කරුණු විමසීමට මේ පිරිස් වෙත කිසිවෙකුත්  ගිහින් නැති බව තහවුරුයි.  ඒ අනුව මේ කපාහැරීම් තුළ යම් සැක සංකා තිබෙන බවත් මේවා දේශපාලනික උවමනාවන් මත  සිදුකර ඇති බවට චෝදනා එල්ල වෙනවා.

මොකක්ද මේ ආණ්ඩුව කරන්න සුදානම් වෙන්නේ

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ  සභාපති බි .  විජයරත්න සිරස නාලිකාවේ දවස වැඩසටහනට ඇවිත් අපූරු කාරණයක් හෙළිදරව් කරනවා.  සමෘදි ප්‍රතිලාභය ලැබූ පමණින්  අස්වැසුම සමාජ සුබසාධන ලාභියෙකු වීමට එය  සුදුසුකමක් නොවන බව. ඒ අනුව අපට වැටහෙන කාරණය තමයි  මේ නාම ලේඛන නිර්මාණය කිරීමේදී නොසලකා හැරීම් මත ලේඛන නිර්මාණය කළ ප්‍රාදේශීය ලේකම්වරු හෝ සභාපතිවරුන් එහෙමත් නැත්තං එහි නිලධාරීන් තමන්ගේ හිතුමතේ පරිදි මෙය සිදුකර ඇති බව.  වැඩ සටහනේ දී ම ඔහු විවිධ සහන වැඩපිළිවෙලවල් ගැන යෝජනා කරන අතරම අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ යටතේ තමන්ට ප්‍රතිලාභ හිමි වෙන්නේ නැත්නම් ඒකට අදාල පැමිණිලි ඉදිරිපත් කරන්න තිස් වෙනිදා දක්වා කාලය තිබෙන බවත්  කියනවා.

කෙසේ වෙතත් ආණ්ඩුව මේ සමාජ සුබසාධනය කපා හරින්නට උප්පරවැට්ටි යොදන්නේ  ටේ ජනතාවගෙන් හැත්තෑ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දුප්පතුන් බවට පත්ව ඉන්න  අවස්ථාවකයි.  එපමණක් නොව පහුගිය කාලයේ සිදු කළ පර්යේෂණවලින් හෙළිදරව් වී තිබෙන්නේ  ංකාවේ පවුල් ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක්  රජයෙන් කුමන හෝ ආධාරයක් උපකාරයක් නැතිව ජීවත් වෙන්න බැරි තැනට ආර්ථික වශයෙන් පරිහානියට ලක් වෙලා කියන එක .

හැමදේටම ලෝක බැංකුවේ උපදෙස් කියන මේ ආණ්ඩුවෙන්   මේ දුගී දුප්පත් ජනතාවගේ සමෘදි සහනාධාරය මෙසේ වංචනික ලෙස කපා හරිනු ලැබුවේ  ලෝක බැංකුවේ උපදෙස් මත ද කියලා අපට අහන්න සිද්ධ වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් 1% ක්  වත් ඉල්ලන නිදහස උදෙසා කාන්තාවෝ 

දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා...