විශ්වවිද්‍යාල තුළ නවකවධය නැවැත්වීම සඳහා රාජ්‍ය ඔත්තු සේවා යොදනවා

විශ්වවිද්‍යාල නවක සිසුන් නවකවධයෙන් බේරාගැනීම පිණිස රජයේ ඔත්තු සේවා යොදවන බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න පවසයි.
අද(13) Sunday Times පුවත්පත වාර්තාකරන පරිදි සරසවි තුළ නවකවධය නැවැත්වීමට රාජ්‍ය ඔත්තු සේවාව(SIS) ඇතුළු තවත් ඔත්තු සේවා සහාය ආරක්ෂක අමාත්‍යංශයේ සහතිකය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න විසින් එම පුවත්පතට පවසා ඇත. නවකවධයේ යෙදෙන කණ්ඩායම් විසින් අධ්‍යාපනය කඩාකප්පල් කරන බැවින් ඔවුන් විශ්වවිද්‍යාල වෙතින් ඈත්කර තැබිය යුතු බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් පවසා ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ විශ්වවිද්‍යාල නවකවධය සම්බන්ධයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සු‌ෆ්ගේ ප්‍රධානත්වයෙන් අටපුද්ගල කමිටුවක් විසින් ලබාදුන් වාර්තාවක් අනුව බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල යනු සාමාන්‍ය රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයන්ගෙන් ස්වාධීනව පවත්වාගෙන යන්නේ විද්‍යාර්ථීන්ගේ නිදහස් අධ්‍යාපන පහසුකම් පවත්වාගෙන යාමටය. පොලිසිය පවා විශ්වවිද්‍යාල භූමියට කැඳවනු ලබන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක සරසවි පරිපාලනයේ තීන්දුවක් මගිනි. විශ්වවිද්‍යාල තුළට ආරක්ෂක අංශ කැඳවීම සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ විරෝධයට හේතුවන තත්වයකි.

කෙසේවෙතත්, නවකවධය නැවැත්වීමට සරසවි තුළට ඒසේ රාජ්‍ය ඔත්තු සේවාවන් කැඳවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් ඊට එකඟතාව පළ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සම්පත් අමරතුංග Sunday Times පුවත්පතට ප්‍රකාශකර ඇත. මේ දක්වා නවකවධය වැළැක්වීමට එවැනි සිදුවීම් සම්බන්ධ වාර්තා කිරීම සඳහා ක්‍රම කිහිපයක්ම හඳුන්වා දී ඇති නමුත් ඒ සම්බන්ධතා නිසි ලෙස භාවිත කරන බවක් දක්නට නැති බව ඔහු පවසා ඇත. ක්‍රියාත්මක කිරීමට යන ක්‍රමයේදී විශ්වවිද්‍යාල ආරක්ෂක කටයුතුවල බලයලත් නිලධාරින් ලෙස මාෂල්වරුන් රජයේ ඔත්තු සේවා නිලධාරින් සමග කටයුතු කරනු ඇත. ඒසේ ඔත්තු නිලධාරින් සමග සම්බන්ධීකරණය කරමින් නවකවධය වැළැක්වීමට පොලිසියේ සහායද ලබා ගනු ඇත.
මේ වනවිට සරසවි සඳහා වැඩිපුර සිසු සිසුවියන් ඇතුළත්කර ගැනීමේ සැලැස්මක් ඇති බැවින් ඊට සමාන්තරව මෙම නවකවධය වැළැක්වීමේ සැලැස්මද ක්‍රියාත්මකවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පවසයි.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...