පොලිස් නිලධාරියෙක් අනතුරක් සිදුකළ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙයි

මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බවයි වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ලොරි රථ රියැදුරා විසින් මහරගම පොලිසියට අනියුක්ත රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇතිබවද වාර්තා වනවා. අනතුරට ලක්වූ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

මෙම පහරදීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් නියෝග කර ඇතැයිද වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවයි.

කෙසේවෙතත් පොලිස් පහරදීම්, පොලිස් ස්ථාන තුළ පහරදීමෙන් සිදුවන ඝාතන ඉතා සුලබ සිදුවීම් බවට පත්වෙමින් තිබේ. මීට මාසයකට පමණ ඉහතදී ද පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් නීති ශිෂ්‍යයෙකුට පහරදී තිබුණි. ඊටත් මාස කිහිපයකට පෙර අඟුලාන පොලීසිය විසින් ධීවරයෙකු මරා දමා තිබුණි. මීට අමතරව පෝලිසිය විසින් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ සිදුවීම් විවිධ අරගල අවස්ථාවලදී ද දක්නට ලැබේ. නමුත් බොහෝ විට එම සිදුවීම්වලට අදාළව එම නිලධාරීන්ට එරෙහිව පියවර ගනු ලබන්නේ සුළු වශයෙනි. උපරිම දෙය ලෙස සිදුකරන්නේ එම නිලධාරීන් වැඩ තහනමට ලක් කිරීමයි. නමුත් සමහර අවස්ථාවලදී එම නිලධාරීන් නැවත පොලිස් සේවයට බඳවා ගත් අවස්ථාද වාර්තා වේ.

එසේම සමස්ථයක් ලෙස පොලීසිය සාමාන්‍ය ජනයාට මුදා හරින ප්‍රචණ්ඩත්වයට අදාළව කිසිදු පියවරක් ගැනීමක් මෙතෙක් සිදුව නොමැත.

දැනට පොලීසිය භාරව කටයුතු කරන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර සිය තනතුරට පත්වනවිට පැවසුවේ තමන් පොලීසිය සුද්ධ කරන බවයි. නමුත් සිදුවූ සුද්ධයක් නොමැති බව දිගින් දිගටම පැහැදිලි වෙමින් පවතියි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...