Breaking News

උත්තරය අපි සංවාදශීලි කතිකාව නාපෝලියේ 

උත්තරය අපි සංවාදශීලී කතිකාව අද ඉතාලියේ  නාපෝලි නගරයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබුවා. ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කීපයක සංචාරයක නියැලී සිටින කුමාර්  ගුණරත්නම් සහෝදරයා ඉතාලියේ ජනතාව අමතන අවසාන ජන හමුව මෙයයි .

පසුගිය දින කීපය තුළ නාපොළියේ වාමාංශික දේශපාලන සංවිධාන සහ වෘත්තිය සමිතියි සමඟ සාකච්ඡා කරමින් දෙරටේ දේශපාලන තොරතුරු හුවමාරු කර ගත්තා .

ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා නෙවැම්බර් 20 Medicina Democratic සංවිධානය සමග එම මූලස්ථානයේ පැවති සාකච්ඡාවට සහභාගි විය. මීට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාපෝලි හි සංවිධායක කුමාර තනත්‍රිගේ, එහි කමිටු සාමාජිකා ඉනෝකා තමෙල් සහ ඉතාලියේ පෙසප සංවිධායක තීමස් විජිත් සහෝදරවරුන් සහභාගී වූහ. සොඛ්‍යය වෙළඳ භාණ්ඩයක් කිරීමට එරෙහිව Medicina Democratic සංවිධානය සටන් කරයි. විවිධ නීතිමය බාධාවන් නිසා සොඛ්‍යය පහසුකම්වලට ප්‍රවේශ වීමේ මාර්ග අහිමි වී ඇති විගාමික ප්‍රජාවන්ගේ සොඛ්‍යය පහසුකම් නංවාලීමට කටයුතු කරමින් සිටී. මෙම සංවිධානයේ සහය ලබන විගාමිකයින් අතර ලාංකීය බහුතරයක් සිටීම කැපී පෙනේ.

එදිනම හවස ගුණරත්නම් සහෝදරයා සහභාගි වූ සංවාදශීලි ජනහමුවක්  පැවැත් වූ අතර ඊට මෑත කාලයේ නාපොලි නගරයට සංක්‍රමණය වූ ලාංකික තරුණ තරුණියෝ පිරිසක් සහභාගි වූහ. නාපෝලි නගරයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක කුමාර තන්ත්‍රිගේ සහේදරයා සහ ඉතාලියේ පෙසප සංවිධායක තීමස් විජිත් සහෝදරයාද මීට සහභාගි වූහ.

leave a reply