උත්තරය අපි සංවාදශීලි කතිකාව නාපෝලියේ 

උත්තරය අපි සංවාදශීලී කතිකාව අද ඉතාලියේ  නාපෝලි නගරයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබුවා. ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කීපයක සංචාරයක නියැලී සිටින කුමාර්  ගුණරත්නම් සහෝදරයා ඉතාලියේ ජනතාව අමතන අවසාන ජන හමුව මෙයයි .

පසුගිය දින කීපය තුළ නාපොළියේ වාමාංශික දේශපාලන සංවිධාන සහ වෘත්තිය සමිතියි සමඟ සාකච්ඡා කරමින් දෙරටේ දේශපාලන තොරතුරු හුවමාරු කර ගත්තා .

ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා නෙවැම්බර් 20 Medicina Democratic සංවිධානය සමග එම මූලස්ථානයේ පැවති සාකච්ඡාවට සහභාගි විය. මීට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාපෝලි හි සංවිධායක කුමාර තනත්‍රිගේ, එහි කමිටු සාමාජිකා ඉනෝකා තමෙල් සහ ඉතාලියේ පෙසප සංවිධායක තීමස් විජිත් සහෝදරවරුන් සහභාගී වූහ. සොඛ්‍යය වෙළඳ භාණ්ඩයක් කිරීමට එරෙහිව Medicina Democratic සංවිධානය සටන් කරයි. විවිධ නීතිමය බාධාවන් නිසා සොඛ්‍යය පහසුකම්වලට ප්‍රවේශ වීමේ මාර්ග අහිමි වී ඇති විගාමික ප්‍රජාවන්ගේ සොඛ්‍යය පහසුකම් නංවාලීමට කටයුතු කරමින් සිටී. මෙම සංවිධානයේ සහය ලබන විගාමිකයින් අතර ලාංකීය බහුතරයක් සිටීම කැපී පෙනේ.

එදිනම හවස ගුණරත්නම් සහෝදරයා සහභාගි වූ සංවාදශීලි ජනහමුවක්  පැවැත් වූ අතර ඊට මෑත කාලයේ නාපොලි නගරයට සංක්‍රමණය වූ ලාංකික තරුණ තරුණියෝ පිරිසක් සහභාගි වූහ. නාපෝලි නගරයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක කුමාර තන්ත්‍රිගේ සහේදරයා සහ ඉතාලියේ පෙසප සංවිධායක තීමස් විජිත් සහෝදරයාද මීට සහභාගි වූහ.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...