Breaking News

රනිල් සහභාගී වෙන අවමඟුලට ජපන් ජනතාවත් විරුද්ධයි

රනිල් වික්‍රමසිංහ මේවනවිට ඝාතනයට ලක් වූ ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීම සඳහා ගොස් සිටියි. රට ආර්ථික අර්බුදයක ගිලී ඇති මොහොතක රාජ්‍ය මුදල් වියදම් කරමින් මළගෙවල් ගානේ යාම ගන ලංකා සමාජය තුළ කතා බහක් මතුව තිබේ. එසේම මේ අවමංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් ජපන් ජනතාව විශාල වශයෙන් සිය අප්‍රසාදය පළකරමින් සිටියි.

අවම වශයෙන් ඩොලර් මිලියන 11.4 ක් මෙම අවමංගල්‍ය සඳහා ඇස්තමේන්තු කර තිබේ. පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට දක්වන විරෝධතා වැඩි වෙමින් පවතී. මත විමසුම්වලින් පෙනී යන්නේ රටේ ජනගහනයෙන් අඩකට වඩා දැන් එය පවත්වනවාට විරුද්ධ බවයි. එයට හේතුව මේ සඳහා අධික මුදලක් වැය කිරීමයි. මෙම මුදල එලිසබෙත් රැජිනගේ අවමගුලට වැය කළ මුදලටත් වඩා වැඩි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අවමගුල් උත්සවය පැවැත්වීම තීරණය කර ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසර ලබාගෙන නොතිබීම සම්බන්ධයෙන්ද නීතිවේදීන් ප්‍රශ්න මතුකරමින් සිටියි. එසේම ජනතාවගේ විරෝධයට සහාය පළකරමින් ප්‍රදේශීය පරිපාලන ව්‍යුහයන් බොහොමයක් මෙම අවමගුල අවලංගු කරන ලෙස ඉල්ලා තිබේ. එසේම ඇතැම් ජපන් දේශපාලනඥයන් මෙම අවමගුලට සහභාගී නොවී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේදී සතිය මුලදී, ටෝකියෝ හි අගමැති කාර්යාලය අසල පුද්ගලයෙකු ගිනි තබා ගන්නා ලදී. පසුගිය සඳුදා 10,000 ක් පමණ විරෝධතාකරුවන් අගනුවර වීදි හරහා ගමන් කළේ අවමංගල්‍ය කටයුතු නතර කරන ලෙසට බලකරමිනි.

ශින්සෝ අබේ පසුගිය ජූලි මාසයේ මැතිවරණ රැස්වීමකදී වෙඩි තබා ඝාතනය කෙරිණි. එම මරණය අවස්ථාවේ බහුතර ජපන් ජනතාවක් තම හිටපු අගමැතිවරයාගේ වියෝව සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කළත් විශාල මුදලක් වියදම් කර අවමගුලක් පැවැත්වීම ඔවුන්ගේ නොසතුටට හේතු වී ඇත.

එසේම රාජ්‍ය අවමංගල්‍යයට එරෙහිව විරෝධය දක්වන ඇතැම් පිරිස් පවසන්නේ අබේ ජපානය යුද්ධය කරා ගෙන ගිය බවට චෝදනා කරයි. එබැවින් මෙවැනි අවමගුලක් වෙනුවෙන් රාජ්‍ය අරමුදල් වියදම් නොකළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

ශින්සෝ අබේ ආසියා පැසිෆික් කලාපය තුළ නැගෙමින් පැවති චීන බලයට එරෙහිව ඇමරිකානු ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරූ නායකයෙකි. එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සන්ධානයක් වන Quad නිර්මාණය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී. ඊට අමතරව ආසියා පැසිෆික් කලාපය තුළ ඇමරිකානු මිත්‍ර රටවල් සියල්ල එක් යෝධ නිදහස් වෙළඳ කලාපයකට ගෙන ඒම සඳහා වූ ජනාධිපති බරක් ඔබාමාගේ විශාල සැලැස්ම වන ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය (TPP) දී සහ ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම හෙවත් CPTPP දී අබේ විශාල මැදිහත්වීමක් සිදුකරන ලදී. එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ජපානයට තම දේශසීමාවෙන් ඔබ්බෙහි යුද්ධමය කටයුතු සඳහා එක්සත් ජනපදය සමඟ එක්වීමට හැකි පරිදි යුධ ව්‍යවස්ථාව සංශෝධනය ද ශින්සෝ අබේ කටයුතු කරන ලදී. මෙය අතිශයින් මතභේදයට තුඩු දුන් අතර, ඒවා අදටත් පවතී. රාජ්‍ය අවමංගල්‍යයට එරෙහිව ටෝකියෝවේ පෙළපාලි ගිය දහස් ගණනක් අබේ ජපානය යුද්ධය කරා ගෙන ගිය බවට චෝදනා කරන්නේ එබැවිනි. මෙවැනි සංශෝධන හරහා දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ ආකාරයට ජපානය ලෝක යුද්ධයකට මැදිහත්වෙනු ඇති බවට ජපන් තුළ බියක් පවතියි.

 

 

 

 

leave a reply