Breaking News

ආණ්ඩුවේ අලි සංගණනය අලි බොරුවක්

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ නවතම දත්ත වාර්තාවක් පරිසර අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරනු ලැබුවා . මේ වාර්තාව පිළිබඳව අලි ඇතුන් පිළිබඳව අවබෝධයක් තිබෙන කාගෙත් ඇස යොමු වුනේ සැකය සහිතවයි . ඊට ප්‍රධානතම හේතුව තමයි දසක එකහමාරකට ආසන්න කාලයක් තුළ මරණයට පත්වු අලි ඇතුන් ප්‍රමාණය 4194 පමණ වීමත් 2024 සංගණනයට අනුව  සිටින අලි ඇතුන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 7451 බව සඳහන් කර තිබීම.  මේ සංඛ්‍යා දෙක අතර යම් පරස්පරයක් තිබෙන බව විෂය සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙන කාට වුණත් තේරෙන  සරල කරුණකි . 

2025 වසරේ අලි ඇතුන් මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ආසන්න වශයෙන් වසර අවසාන වන විට මරණ ප්‍රමාණය හාරසීය ඉක්මවා ගිය තැනකට පැමිණේවි යැයි  පුරෝකතනයක් කර තිබේ .2011 සිට  2023 දක්වා වසර දහතුනක අලි ඇත්  මරණ සංඛ්‍යාව 3967 කි. 2011 වන විට ශ්‍රී ලංකාව තුළ සිටින අවම අලි ඇතුන් සංඛ්‍යාව ලෙස සඳහන් කරන්නේ 5879 යි. 2011 සිට කිසිම පැටියෙක් ඉපදුනේ නැතැයි කියා සැලකුවද මරණ සංඛ්‍යාවට අනුව ඉතිරි විය යුත්තේ 1911කි . 2011 සංගණනයේ සිට මේ දක්වා අලි ඇත් ගහනයට නව සාමාජිකයන් 5540 එකතු උනා ද එසේ නොවේ නම් 2011 සංගණයට ඇතුල් නොවුනු අලි ඇතුන් මේ සා විශාල ප්‍රමාණයක් වනාන්තර තුළ සැඟවී සිටියාද කියන බරපතල ප්‍රශ්නය මතුවෙනවා .

leave a reply