Breaking News

අර්බුදයට වගකිවයුතු රවීගෙන් ණය කළමණාකරණය ගැන උපදෙස්

පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද බාහිර ණය ගෙවීම් සහ සාර්ව ආර්ථික ගැලපීම් හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් විදෙස් සංචිත ඉහළ නැංවීම අරභයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල භාවිතා කෙරෙන බව හිටපු මුදල් ඇමතිවරයෙක් සහ මහ බැංකු වංචාව සම්බන්ධ නඩුවේ චූදිතයෙක් වූ රවී කරුණානායක පවසයි.

ඔහු මේ බව තිබෙන්නේ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමිනි. රවී කරුණානායක යනු ජනතා මුදල් හොරා කෑ බවට චෝදනා එල්ල වූ අයෙක් වීමට අමතරව මෙම අර්බුදය මතුපිටට ගලා ඒම ආරම්භ වීමට ආසන්නව මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ඔහුයි.

ඔහු මුදල් ඇමති ධූරය දැරූ 2016 වසරේදී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබුණි. එසේම දැනට අපේ ණයවලින් අති විශාල කොටසක් වන
ස්වෛරී බැඳුම්කර ලංකාවේ ණයවල ප්‍රධාන කොටසක් බවට පත්වීම සිදුවුවේද මෙම කාල වකවානුවේදියි.

ඒ අනුව රවී කරුණානායක යනු දැනට අපි මුහුණ දෙමින් සිටින ණය ගොඩ ගැහීමට මෙන්ම මෙම අර්බුයට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයෙකි. එසේ තිබියදී ණය ගැන උපදෙස් දීමට ඔහුට කිසිදු සුදුසු කමක් නැත.

leave a reply