කාර්මික සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ඉඩම් බැංකුවක් ඉක්මනින් පිහිටුවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා තිබේ.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය ව්‍යාපාරික සම්මාන උළෙලකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
මෙම උත්සවයේදී අදහස් දක්වමින් හදුන්නෙත්ති පවසා ඇත්තේ , “මෙවර අයවැයෙන් කර්මාන්ත සඳහා රුපියල් බිලියන 120 ක් සහ කර්මාන්තකරුවන් සඳහා ණය සහන සඳහා රුපියල් බිලියන 80 ක් වෙන් කර තියෙනවා. රජය කාර්මික අංශයේ මෙතරම් විශාල මුදලක් ආයෝජනය කරන්නේ ඉහළ අපේක්ෂාවන් ඇතිවයි. .”
ඉඩම් බැංකුවක් පිහිටුවීම යනු ජේ. ආර්. ජයවර්ධන සමයේ සිට පවතින අදහසයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂ, යහපාලන ආණ්ඩුව, ගෝඨාභය ආණ්ඩුව මෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුවද උත්සහ ගන්නා ලදී. සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) හරහාද උත්සාහ කරනු ලැබුවේ මෙය සිදු කිරීමටයි. මෙහි අරමුණ වන්නේ ලංකාවේ ඉඩම් වෙළඳපොළකරණය කිරීමයි. ලංකාවේ බහුතර ඉඩම් ප්‍රමාණයක් රජය සතුව පවතින අතර පෞද්ගලික හිමිකාරිත්වයේ පවතින්නේ ඉතා සීමිත කොටසකි. මේ හේතුව නිසා ව්‍යාපාරිකයන්ට ඉඩම් මිලදී ගැනීම හිතුමතේ කිරීමේ අවස්ථාව ඇහිරී තිබේ. ඒ අනුව් ඒ සඳහා ඉඩ ලබාදෙන පරිදි රටේ ඉඩම් නීති වෙනස් කරමින් ඉඩම් සම්බන්ධ ගණනය කිරීමක් සිදු කොට ඉඩම් පහසුවෙන් මිලදී ගැනීමට හැකියාව ඇති කිරීම ඉඩම් බැංකුවේ අරමුනයි.
මේ හරහා කුඩා පරිමාණ ගොවීන්ට විශාල බලපෑමක් සිදුවේ. මන්ද රටේ ගොවින් විශාල ප්‍රමාණයකට පෞද්ගලික ඉඩමක හිමිකාරිත්වය නොමැති අතර ඔවුන් වගා කරන්නේ රජයේ ඉඩම්වලයි. ඉඩම් බැංකුවක් පිහිටුවා ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පහසුවෙන් මිලදී ගැනීමට හැකි ක්‍රමයක් නිර්මාණය වී හරහා අපේ රටේ ගොවිතැනට සහ ගොවියාට විශාල අහිතකර බලපෑමක් සිදුවෙනු ඇත.






