රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පියවීමට සහ වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට යන සල්ලි ඉතිරි කරගැනීම වෙනුවෙන් රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද ආරම්භ කළයුතු බව ආණ්ඩුව ඇතුළු බොහෝ පිරිසකගේ මතයක් වුවත් ඊට විරුද්ධ කරුණු රැසක් අනාවරණය වී තිබේ.
දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය විද්‍යා උපාධිය සම්පූර්ණ කරන සියලුම වෛද්‍යවරුන් ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගැනීම බරපතළ ගැටලුවක් බවට අනාවරණය වී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ, අනාගතයේ බිහිවන සියලුම වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරගත නොහැකි නම්, ඒ බව මහජනතාවට වහාම දැනුම් දිය යුතු බවයි.
පවතින ආර්ථික තත්ත්වය මත අනුමත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව තවදුරටත් වැඩි කළ හැකිද යන්න අධ්‍යයනය කරන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.
එමෙන්ම ඉදිරියේදී බිහිවන වෛද්‍යවරුන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් විවෘත කරගැනීමට වගකිව යුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරන ලෙස ද නිර්දේශ කර තිබෙන බව සඳහන් වේ.
මේ අතර, රජය සමග ඇතිකර ගත් ගිවිසුම් කඩකරමින් විදෙස්ගතව සිටින වෛද්‍යවරුන් 705 දෙනෙක් වසර ගණනාවක් තිස්සේ රුපියල් කෝටි 127 යි කෝටි 70 ලක්ෂයකට අධික බැඳුම්කර සහ දඩ මුදල් ගෙවීම පැහැර හැර ඇති බවද විගණන වාර්තාව අනාවරණය කර ඇත .
මේ අතර විශේෂඥ වෛද්‍යවරු 2500ක් පමණ මේ වන විට රාජ්‍ය සේවය අතහැර ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මහා කමිටු සාමාජික වෛද්‍ය සංජීව තලගහගොඩ පවසා තිබේ.
මේවනවිට ආණ්ඩුව කොතලාවල විශ්ව විද්‍යාලය සහ වෙනත් පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සිදුකිරීමට සැලසුම් සකස් කරමින් සිටියි. ඒ සඳහා යොදාගනු ලබන ප්‍රධාන තර්කයක් වන්නේ ඉහත සඳහන් කර ආකාරයට වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවතීම හා වෛද්‍ය උපාධිය සඳහා විදේශ ගතවන සිසුන් හරහා රටේ මුදල් පිටරටට ඇදී යන බවයි.
නමුත් දැනට සිටින වෛද්‍යවරුන්ටත් රැකියා දීමට නොහැකි නම් තවත් පෞද්ගලික අධ්‍යාපනය දියුණු කරන්නට සැරසෙන්නේ මන්ද යන්න ගැටළුවක් ලෙස වෛද්‍ය ශිෂ්‍ය සංගම් මතු කරයි. එසේම 2019 වසරේ සිට ඉදිරියට වෛද්‍ය පීඨ සඳහා වෙන වසරවලට සාපේක්ෂව 600ක් වැඩිපුර බඳවා ගන්නා තත්ත්වයක් තුළ හිඟයක් ඇත්නම් එයට පිළියම් ලැබෙන බවද ශිෂ්‍ය සංගම්වල අදහසයි.
වෛද්‍ය ශිෂ්‍ය සංගම් පවසන්නේ දියුණු රටවල ආකාරයට රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය පුරෝකථනය කර ජාතික සැලැස්මක් නොමතිම දේශපාලකයන්ගේ සහ මුදලාලිලාගේ උවමනාවන් අනුව සහ “කැමති කෙනෙක්ට මුදල් ගෙවා ඉගෙන ගැනීමේ අයිතිය” වගේ බොලඳ කරුණු මත වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම නතර කර වහාම විද්‍යාත්මක ක්‍රමයකට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම ආරම්භ නොකලොත් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයටත් ඉන්දියාව වගේ අර්බුද රැසකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි.






