පුනුරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

Date:

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයාට යොමු කර ඇති අතර, ඊයේ දින කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට එම මතය නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය මගින් තහවුරු කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පනත් කෙටුම්පත සම්මත කිරීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියකින් සහ ජනමත විචාරණයකින්ද කෙටුම්පත සම්මත විය යුතු බවට තීරණය කරන ලදි. එසේ නොමැතිව කෙටුම්පත සම්මත කර ගැනීමට නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වගන්ති ඉවත් කර හෝ සංශෝධනය කළ යුතු යැයි තීරණය කර තිබේ.

ඒ අනුව, අනෙක් සංශෝධනවලට අමතරව ප්‍රධාන වශයෙන් පනත් කෙටුම්පතින් “හිටපු සටන්කරුවන්”, ” ප්‍රචණ්ඩකාරී අන්තවාදී කණ්ඩායම්”, “අනෙක් කණ්ඩායම් වල සාමාජිකයන්” යන්නට සම්බන්ධ සියලුම සදහන් කිරීම් ඉවත් කරන්නේ නම්, කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකිය.

එමෙන්ම පනත් කෙටුම්පතේ අදාළත්වය ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමට හෝ ඒ හා සමාන තැනැත්තන් සම්බන්ධයෙන් පමණක් වන ලෙස කෙටුම්පත සංශෝධනය වන්නේ නම් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි වේ.

පනත් කෙටුම්පතේ 3, 4 (අ), 4 (ආ), 6 (ආ), 23, 24, 25 (2), 27, 28 (1), 34, 35, 37 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර, එම වගන්ති එලෙසම තබා ගෙන කෙටුම්පත සම්මත කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 (2) ව්‍යවස්ථාව මගින් දක්වා ඇති විශේෂ බහුතරයකින් කෙටුම්පත සම්මත විය යුතුය.

ආණ්ඩුව විසින් මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේ සැබැ අරමුණ වූයේ පුනරුත්ථාපනයට මුවා වෙමින්, ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන පුරවැසියන් මර්දනය කිරීමයි. වසන්ත මුදලිගේලාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් දින 90කට රැඳ්වුම් භාරයේ තබමින්, ආණ්ඩුවට එරෙහිව සිදු වන කවරාකාරයේ හෝ ජනතා උද්ඝෝෂණයක් ඉතා මිලේච්ඡ අන්දමින් පොලිස් මිලිටරි බලය යොදා විසුරුවා හරිමින් සිටින රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ජනතාව මර්දනය කිරීම සදහා ගනු ලබන මෙවැනි උත්සාහයන් පරාජය කළයුතු බවට වන පළමු සංඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබේ. ආණ්ඩුව කුමන හෝ සෙල්ලමක් දමා මෙය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේ වැඩි ඉඩකඩක් පවතියි. එය වැළක්වීම සඳහා ජනතා බලයක් ගොඩනැගීම ඉතා ඉක්මනින් කළයුත්තකි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...