Breaking News

නාපෝලියේ සීකෝබාස් වෘත්තිය සමිතිය  සහ කුමාර් ගුණරත්නම් අතර සාකච්ඡා 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මුණ ගැසීමටත් නාපෝලියේ වෘත්තිය සමිති සහ වාමාංශික දේශපාලන පක්ෂ සංවිධාන සමඟ සබඳතා ඇතිකර ගැනීම සඳහා හමුවීම් කිහිපයක් සිදු කරනු ලැබුවා . නොවැම්බර් 20 වන දා නාපොලියේ සී කෝබස් නියෝජිත peppe සමග සාකච්ඡා සිදුකළ අතර   ඔහු ප්‍රකාශ කර සිටියේ ඉතාලියේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලි වෘත්තිකයින් ඒකාබද්ධ කර, යුරෝපා මට්ටමින් සංවිධානය කරන වෘත්තීය සංවිධානයකට අමතරව නව ජාත්‍යන්තරවාදී දේශපාලන පක්‍ෂයක් නිර්මාණය  කිරීම ඔවුන්ගේ අරමුණ බවයි. එමෙන්ම මේ ඒකරාශී වන කොටස්  වෘත්තීය අයිතීන් වෙනුවෙන් අරගල කරන අතර එම අරගලයන් පාදක කර ගනිමින් දේශපාලන අක්ෂයක් වටා ග්‍රහණය කර ගැනීමට ඔවුන් අරමුණු කරන බවත් එහිදී ඔහු ප්‍රකාශ කර සිටිය. 

කුමාර් ගුණරත්නම් සහෝදරයා ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ අතර දෙපාර්ශ්වයම දේශපාලනික සබඳතාවයන් පුළුල් කර ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා .

leave a reply