නාපෝලියේ සීකෝබාස් වෘත්තිය සමිතිය  සහ කුමාර් ගුණරත්නම් අතර සාකච්ඡා 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මුණ ගැසීමටත් නාපෝලියේ වෘත්තිය සමිති සහ වාමාංශික දේශපාලන පක්ෂ සංවිධාන සමඟ සබඳතා ඇතිකර ගැනීම සඳහා හමුවීම් කිහිපයක් සිදු කරනු ලැබුවා . නොවැම්බර් 20 වන දා නාපොලියේ සී කෝබස් නියෝජිත peppe සමග සාකච්ඡා සිදුකළ අතර   ඔහු ප්‍රකාශ කර සිටියේ ඉතාලියේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලි වෘත්තිකයින් ඒකාබද්ධ කර, යුරෝපා මට්ටමින් සංවිධානය කරන වෘත්තීය සංවිධානයකට අමතරව නව ජාත්‍යන්තරවාදී දේශපාලන පක්‍ෂයක් නිර්මාණය  කිරීම ඔවුන්ගේ අරමුණ බවයි. එමෙන්ම මේ ඒකරාශී වන කොටස්  වෘත්තීය අයිතීන් වෙනුවෙන් අරගල කරන අතර එම අරගලයන් පාදක කර ගනිමින් දේශපාලන අක්ෂයක් වටා ග්‍රහණය කර ගැනීමට ඔවුන් අරමුණු කරන බවත් එහිදී ඔහු ප්‍රකාශ කර සිටිය. 

කුමාර් ගුණරත්නම් සහෝදරයා ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ අතර දෙපාර්ශ්වයම දේශපාලනික සබඳතාවයන් පුළුල් කර ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...