ප්‍රවාහන පහසුකම් ලබානොදීමට එරෙහිව කළුබෝවිල රෝහලේ සෞඛ්‍ය සේවකයන් විරෝධතාවයක

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයින්ට ඊයේ (22) දින පස්වරු 05 වැඩ මුරයෙන් පසු නිවෙස් බලා යාමට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සලසා නොදීම සම්බන්ධයෙන් සේවකයින් විරෝධතාවයක නිරත වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂකවරයා සමග මෙම ප‍්‍රවාහන ගැටලු පිළිබදව (21) දිනයේදී අවස්ථා 04 ක සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී අධ්‍යක්ෂකවරයා පොරොන්දූ වී ඇත්තේ (22) දින එම ගැටළු විසදන බවයි. එහෙත් සවස 04 වනවිට කිසිදු පිරිපාලන නිලධාරියෙක් රෝහලේ සිට නැති අතර ප‍්‍රවාහන ගැටලුවද විසදා තිබී නැත. අවසානයේදී රාත‍්‍රි 07 ට පමණ බස්රථ යෙදවීට කටයුතු කළ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

මෙම ගැටළුව දිවයිනේ බොහෝමයක් ප්‍රධාන රෝහල්වල ඇති බවත් අද (23) දින නියමාකාරයෙන් ප‍්‍රවාහන සේවා සපයන්නේ නොමැති නම් වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට එළඹීමට සිවුවනු ඇති බවත් හිමියන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...