ප්‍රවාහන පහසුකම් ලබානොදීමට එරෙහිව කළුබෝවිල රෝහලේ සෞඛ්‍ය සේවකයන් විරෝධතාවයක

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයින්ට ඊයේ (22) දින පස්වරු 05 වැඩ මුරයෙන් පසු නිවෙස් බලා යාමට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සලසා නොදීම සම්බන්ධයෙන් සේවකයින් විරෝධතාවයක නිරත වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂකවරයා සමග මෙම ප‍්‍රවාහන ගැටලු පිළිබදව (21) දිනයේදී අවස්ථා 04 ක සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී අධ්‍යක්ෂකවරයා පොරොන්දූ වී ඇත්තේ (22) දින එම ගැටළු විසදන බවයි. එහෙත් සවස 04 වනවිට කිසිදු පිරිපාලන නිලධාරියෙක් රෝහලේ සිට නැති අතර ප‍්‍රවාහන ගැටලුවද විසදා තිබී නැත. අවසානයේදී රාත‍්‍රි 07 ට පමණ බස්රථ යෙදවීට කටයුතු කළ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

මෙම ගැටළුව දිවයිනේ බොහෝමයක් ප්‍රධාන රෝහල්වල ඇති බවත් අද (23) දින නියමාකාරයෙන් ප‍්‍රවාහන සේවා සපයන්නේ නොමැති නම් වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට එළඹීමට සිවුවනු ඇති බවත් හිමියන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...