හීන් හඩින් හඬන තණකොල පෙත්තෙක්
කන් කෙඳිරි ගාන රැහැයියෙක්
ඉඳ හිට ඇහෙන විහග ගීයක්
නෑසුනේ මන්ද මිනිස් වදනක්
හිරු මෙන්ම සඳු ද නැග විත්
සෙමෙන් බැස යයි අවරින්
තරු අතර ඉකිබිඳින
මහලු අහසට කොහෙද වෙහෙසක්
මහ මූසල හුදකලාවක
ලෝකයක් ගිලගත් නිමේශෙක
ආදරය සෙනෙහස මිනිස් කම
සොයා යන්නට සිදු වෙලා
ආයෙමත් හමුවී දොඩන්නට
සිනාසී අත් පටලගන්නට
සැබෑ සෙනෙහස පිරුණු හිත් ළඟ
සිනා සෙමු අපි හඬ නගා ……….
කිසිවක්ම නොඇසෙනා නිහඬ පැය
හේමමාලි අබේරත්න
Article Published: March 26, 2020
Leave a comment
- Tags:
- poem