Breaking News

2022 නොවැ.. 15 ලෝකයේ ජනගහනය බිලියන 08 සීමාව ඉක්මවා ගියා.

සංජේ රණවක

එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්තාව අනුව බිලියන 07 සීමාවේ ඉඳන් බිලියන 08 සීමාවට ළඟා වෙන්න වසර 12ක් ගත වෙලා තියෙනවා. එතකොට බිලියන 06 සිට බිලියන 07 සීමාව පනින්න වසර 11ක් ගත වෙලා තියෙනවා..

එක්සත් ජාතින්ගේ සංවිධානය අනුමාන කරන්නේ බිලියන 09 කියන සීමාව පනින්න වර්ෂ 2037 වෙයි කියලා. ඒ කියන්නේ ඊයේ දවසේ ඉඳන් වසර 15කට පස්සේ තමා මිළඟ බිලියන උපදින්න නියමිතව තියෙන්නේ.

‍එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව මේ තරම් ජනගහනය වැඩිවෙන්න එක හේතුවක් තමා අද වෙද්දී ලෝකයේ වේගයෙන් දියුණු වෙන සෞඛ්‍ය පද්ධති, ඒ වගේම ආහාර ක්‍රම, මිනිස්සුන්ගේ පිරිසුදු භාවය සහ ඖෂධ කියන දේවල්. ඒ වගේම සමහර රටවල පවතින සරු භාවය, ස්භාවික අපදා අඩුවීම සහ ජීවත් වෙන්න සුදුසු පරිසරයන් නිර්මාණය වීම කියන කාරණා බලපාලා තියෙනවා.

ලෝකය ගත්තාම අප්‍රිකානු මහද්වීපයේ ජනගහනය බිලියන 1.4ක්. 2050 පමණ වන විට මේ ජනගහනය බිලියන 2.5 ඉක්මවා යනු ඇති බවට අනුමාන කරලා තියෙනවා.

ආසියානු මහද්වීපය විශාලතම මහද්වීපය, ඒ වගේම ජනගහනය වැඩිම මහද්වීපය කියලත් කියන්න පුළුවන්. සමස්ත ජනගහනය බිලියන 4.7ක්. එකෙන් බිලියන 2.86ක් ඉන්නේ චීනය සහ ඉන්දියාවේ. ඉතිරි ප්‍රමාණය තමා අනිත් රටවලට බෙදිලා ගිහින් තියෙන්නේ. බිලියන 08 සීමාව පනින්න වැඩිම දායකත්වය දුන්නෙත් ආසියානු මහද්වීපය.

යුරෝපා මහද්වීපය. සමස්ත ජනගහනය මිලියන 750යි. කාලයකට පෙර ලෝකයේ වැඩිම ජනගහනය තිබුණා කියන්නේ යුරෝපයේ. හැබැයි මේ වෙද්දී ඒක සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. BBC මාධ්‍ය නාලිකාවේ පළවූ වාර්තාවක් අනුව 2021 ජනවාරිවලදී යුරෝපයේ අඩුම දරු උපත් ප්‍රමාණය වූ 14% වාර්තා වෙලා කියලා සඳහන් වෙනවා. ය‍ුරෝපය කියන්නේ ඉදිරියේ දී ජනගහනය අඩුවෙන කලාපයක් වෙයි.

උතුරු අමෙරිකානු මහද්වීපය, කැනඩාව, මෙක්සිකෝව සහ අමෙරිකාව. වැඩිම ජනගහනය අමෙරිකාවේ ඉන්නේ. ලෝකයේ තෙවනියට විශාලම ජනගහනය ඉන්නෙත් අමෙරිකාවට. උතුරු අමෙරිකානු මහද්වීපයේ සමස්ත ජනගහනය මිලියන 602යි. එකෙන් මිලියන 335ක් අයිති අමෙරිකාවට.
දකුණු අමෙරිකානු මහද්වීපය ගත්තාම සමස්ත ජනගහනය මිලියන 439යි. එතනින් වැඩිම ජනගහනය ඉන්නේ බ්‍රසීලයට. ඒ මිලියන 215ක්.
ඔෂියානා කලාපය ගත්තාම සමස්ත ජනගහනය මිලියන 44යි. ලෝකයේ අඩුම ජනගහනය සිටින කලාපය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පැපූවා නිව්ගිනියාව අයිති කලාපය. වැඩිම ජනගහනය ඉන්නේ එතනින් ඕස්ට්‍රේලියාවට ඒ මිලියන 26ක්. අපිට වඩා මිලියන 04ක් ජනගහනය වැඩියි.
අර මං කිව්වේ එක්සත් ජාතින්ගේ සංවිධානය අනුව ඉදිරි වසර 15 ඇතුළේ ජනගහනය තව වැඩිවෙනවා කියලා. එතකොට ඔය උඩ කියපු කලාපයන්වල ජනගහනයත් වෙනස් වෙයි.

මේ ජනගහනය වැඩි වෙද්දී ලෝකයේ වැඩිහිටියන් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද අර උඩ කියපු කාරණා ආයු අපේක්ෂාව ගොඩාක් රටවල ඉහළ දාන්න සමත් වෙලා තියෙනවා. ඉතින් එකෙන් ‍ලෝකයට අනාගතයේ දී ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා ඒ තමා ශ්‍රම බලකාය සපයා ගන්න එක.. සමහර විට අවුරුදු 15 – 16 දී වුණත් ඉදිරියේ දි රැකියාවලට යන්න වෙන වාතාවරණයක් හැදෙයි.

Nas Daily එකේ මම බලපු වීඩියෝ එකක තිබුණා ලෝකයේ පොදු අරමුණක් තිබුණා කියලා 2030 වෙද්දී ලෝකයේ කුසගින්න නැති කරන්න, අධ්‍යාපනය සැමටම ලබා දෙන්න, මේ පවතින සමාජ අර්බුදවලට, ආර්ථික අර්බුදවලට විසඳුම් හොයන්න. හැබැයි මේ වෙද්දී ඒ වැඩපිළිවෙළ එයාලා හිතපු කාලයට වඩා සෑහෙන්න ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒ පොදු අරමුණු ක්‍රියාත්මක කරගන්න බැරි වීමත් ඉදිරියේ දී මේ ජනගහනය වැඩි වීම කියන අර්බුදය ඇතුළේ ගැටලුවක් වෙයි.

මිනිසාට මිනිසාව පාලනය කරගන්න බැරි වුණොත්, ස්භාව ධර්මය ඒක කොයි විදිහට විසඳයිද කියලා අපිට හිතාගන්නවත් බැරි වෙයි. මොකද මං එහෙම කිව්වේ World War Z එකේ හරි අපුරු කියමනක් මතක් වෙලා.

“Mother Nature is a serial killer. No one’s better. Or more creative. Like all serial killers, she can’t help the urge to want to get caught.”
අපිට ස්භාව ධර්මය නැතුව පැවැත්මක් නැති වුණාට, ස්භාව ධර්මයට අපි නැතුව පැවැත්මක් තියෙනවා.

leave a reply