වසන්තලාගේ මූණ දකිනවටත් බය ආණ්ඩුවක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද(16) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ. අද දිනයේද ඔහු රෝහලට රැගෙන විත් තිබුනේ මුළු සිරුරම බෙඩ් ශීට් වලින් වසා දමමිනි. එසේම ඔහු ප්‍රවාහනය කරන ජීප් රථයේ වීදුරු පත්තර කැබලි වලින් වසා තිබී ඇත.

පසුගිය සඳුදා (14) දිනයේ වසන්තව පිටස්තර කිසිවකුටත් නොපෙනෙන අන්දමට, සම්පූර්ණයෙන්ම ආවරණය කර දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඒ අවස්ථාවේදී අධිකරණය තුළ හා අධිකරණ භූමියේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබී ඇති අතර පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයා කරුණු ඉදිරිපත් කරමින් වසන්ත මුදලිගේට විරුද්ධව තවත් නඩු කිහිපයක් ඇතැයිද එම නඩු සඳහා ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවලට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මෙලෙස ආවරණය කරගෙන පැමිණි බවද පවසා තිබේ.

එසේම ගල්වැව සිරිධම්ම හිමියන්ටද ඩෙංගු වැළඳුනු අවස්ථාවේ රෝහලට රැගෙන විත් තිබුණේ මුහුණ සම්පුර්ණයෙන් ආවරණය කිරීමෙන් පසුවයි.

මෙලෙස බාහිර ආලෝකය පවා ඇස නොගෙටෙන ආකාරයට ඔවුන් තබාගනිමින් සාහසික ලෙස කායිකව සහ මානසිකව වද දෙමින් තිබේ.
නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකය තුළ ඔවුන්ට ලබාදී තිබුනේ අඩි 8*4 කාමරයකයි. එය වායුසමීකරණය කිරීම සඳහා තැනූ කාමරයකි. නමුත් එහි වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කර සති ගනණක් තබාගත් අතර එහිදී වසන්ත උග්‍ර චර්මරෝගයකට භාජනය විය. සිරිදම්ම හිමිට ඩෙංගු ආසාධනය වූයේ කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකය තුලදීය. එසේ වූයේ දැඩි මදුරු උවදුර ඇති ස්තානයක රඳවා මදුරු දැලක් හෝ ලබා නොදී සිටීම නිසාය. තංගල්ල බන්ධනාගාරය තුළ ස්නානය කිරීම සඳහා ෂවර් එකක් හෝ නැත. ස්නානය කිරීමට පවා සිදුව ඇත්තේ කොමඩ් එක සඳහා සවි කර ඇති කුඩා හෑන්ඩ්ෂවර් එකක් මගිනි.

මෙලෙස වසන්ත හා සිරිදම්ම හිමි ට දිගින් දිගටම කායිකවත් මානසිකවත් වද දෙමින් ඇත. මෙය සචේතනිකව කරන නින්දිත පලිගැනීමකි. බරපතල මානව හිමිකම් කඩකිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ කිසි සේත් අනුමත නොකරන අමානුෂික මැදිහත්වීමකි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...