Breaking News

විකිණීමට එරෙහි වෙද්දී අත්‍යවශ්‍ය සේවාවක් වුණු තැපැල්

රනිල් රාජපක්ෂලාගේ උපදෙස් පරිදි තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් අද නිකුත් කර තිබේ. ජනාධිපති වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාලය විකිණීමේ සිදුවීමට අදාළව ඊයේ සිට තැපැල් සේවකයන් පැය  48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙම පසුබිම යටතේ තමයි අද  තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ.

leave a reply