රඹකැන්ඔය යළි ඝන වනයක් වේවි

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තර ඇතුළු ව හෙක්ටයාර 2233 ක් නැතහොත් අක්කර 5400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය යටතේ සමාගම් වලට ලබා දීමට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් නීතිවිරෝධීව කටයුතු කර තිබේ. එසේ බදු දී ඇති භූමි ප‍්‍රදේශයෙන් කොටසක් මේ වනවිට ඩෝසර් යන්ත‍්‍ර භාවිත කර එළිපෙහෙළි කර තිබේ. ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය යටතේ කෘෂි බෝග සඳහා හෙක්ටයාර 1821 ක්, සත්ත්ව ගොවිපොළ සඳහා හෙක්ටයාර 352 ක් හා කෘෂි සංචාරක ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 60 ක් වශයෙන් ඉඩම් වෙන් කර ඇත.

දැවැන්ත වන විනාශයක් සිදුකරමින් සිටින මෙම අපරාධයට එරෙහිව‍ ප්‍රරදේශයේ ජනතාවගේ සහ පරිසරවේදීන්ගේ විරෝධය මතු වී එම ක්‍රියාවලිය යම්තාක් දුරට අඩාල වී තිබෙනවා. රාජ්‍ය මැදිහත්වීමෙන් විනාශ කළ මේ වනාන්තරය නැවත වගා කිරීම සඳහා තරුණ ප්‍රජාවගේ ස්වේච්ඡා වැඩසටහනක් අද(29) ආරම්භ විය.

අම්පාර, මහඔය, (රඹකැන්ඔය ප්‍රදේශයේ) ගල්වලයාය රක්ෂිතයෙන් අක්කර 500කට ආසන්න භූමි ප්‍රමාණයක් RAN සමාගම විසින් මේ වන විටත් විනාශකර තිබෙන අතර, මහඔය තරුණ තරුණියන් හා ජනතාව එක්ව එම භූමියේ නැවත පැළ සිටුවීම අද දින සිදු කරනු ලැබුවා .

මෑත කාලයේ වත්මන් ආණ්ඩුවේ පරිසර විනාශය පිළිබඳ නිදසුනක් මෙන්ම වනවිනාශයට එරෙහිව ජනතාව නැගී සිට ජයග්‍රහණයක් සටහන් කළ අවස්ථාවක් ලෙසද මෙම අත්දැකීම ඉතිහාසයට එකතු වනු ඇත. මහඔය තරුණ එකමුතුව මගින් ‘වනසා දැමු රඹකැන්ඔයට යලි පණ දෙමු’ නමින් ආරම්භ කළ වැඩසටහනට ඔබගේ ශක්තියත් එක්කරන්න .


උන් වනසා දැමු රඹකැන්ඔයට පණ දෙමු!


මහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...