බැසිල්ගේ දේපොළ ලැයිස්තුව එළියට දාන්න විමල් ලෑස්තියිලු!

බැසිල් රාජපක්ෂගේ ඇමරිකාවේ දේපළ ලැයිස්තුව ළඟදීම හෙළි කරන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ අවධාරණය කර සිටියි.

” මේ ඡන්දෙන් පස්සේ බැසිලාණන් තමන්ගේ දේපළ තියෙන ඇමරිකාව දෙසට චුත වේවි. අපි ළඟදීම උන්නැහේගේ ඇමරිකාවේ දේපළ ලැයිස්තුව හෙළි කරනවා. ඒකත් බලලාම රටින් පිටවෙන්න කියා අපි ඉල්ලනවා.” යයි ඔහු එබව කියා සිටියේ, හලාවත ‘ලේඩි රෝස්’ උත්සව ශාලාවේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක හමුව අමතමිනි.

” පොහොට්ටුවෝ බලා හිටියා ඡන්දේ ‘කල් යයි’ කියලා. රනිල් වික්‍රමසිංහට උවමනා වෙලා තිබ්බේ ඡන්දය තියන්නයි. එතකොට පොහොට්ටුව හතරගාතයෙන් වැටෙනවා. බැසිලාගේ ආධිපත්‍යය බිඳවැටෙනවා’ යයි පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අවධාරණය කළේ, ‘මැදමුලන වලව්ව’ සදහටම අතහැර ආ නායකත්වයකින් හෙබි හෙලිකොප්ටරය, මහජනයා මුහුණ පා සිටින ආපදාවෙන් ඔවුන් බේරාගෙන, රටට සහනශීලී අනාගතයක් සෑදීමට කැපව සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ,

”ආයෙමත් කිසිදාක මැදමුලන දේශපාලනයට පණ දෙන්න බැහැ”

“බොහෝ අභියෝග මැද නිදහස් ජනතා සන්ධානය බිහි වූ පසු ප්‍රතිවාදී දේශපාලන කඳවුරු සලිත වෙන්න පටන් ගත්තා. ඒ අය ගොතපු කතා අතර ප්‍රධානතම එකක් වුණේ ‘හෙලිකොප්ටරේ හැදුවේ මැදමුලන වලව්වේ බාන්න’ කියන එක. මෙතැන ඉන්නේ මැදමුලන වලව්ව සදහටම අතහැරලා ආපු මිනිස්සු මිසක් ආයෙත් පස්ස දොරෙන් හෝ ඇතුළු වෙන්න බලාගෙන ආපු මිනිස්සු නොවෙයි.

රාජපක්ෂලාගේ දේශපාලනය, රාජපක්ෂලා විසින්ම අහවර කරගත්තා. ඒ නිසා හෙලිකොප්ටරයක් නොවෙයි ජෙට් එකක් ගෙනාවත් ආයෙමත් මැදමුලන දේශපාලනයට පණ දෙන්න අම්මා මුත්තා කාලෙවත් බැහැ.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...