දශක හතරක ලප කැළැල්

වයසට නො යයි ඒ ලප කැළැල් මා සමඟ
තිබෙයි එලෙස ම තිබූ තැන්වල පෙර ලෙස ම
නික්මෙයි ඇතැම් විට; යළිත් මතු වෙයි තැනින් තැන
පාරවයි මතකයන්; විටින් විට උඩ මතු ව

උපන් ලපයක් තිබේ යටි පතුල වසාගෙන කලුපාට
අසූවේ මා උපන් කාලවල මා නො දුටු ගනඅඳුර
ගිනිගත්ත දශකයකි අළු යටින් මතුවුණේ
ගල් අඟුර
පෑගුණේ නැතිකමට දඬුවමකි රිදුම් දෙන සදාතන

අනූවේ අග හරියෙ නිදි මරන විට මහ රෑක
තනි ව ආ බිබිලක් ය නිය ගසා කැඩිය හැක
ඉන්පසු ව හැම කලෙ ම නිදි නොමැති විට මසිත
සීන් කස් ඇවිත් යයි පෙරදවස සැරව ගෙන

දෙදාහෙන් ඇරඹුණේ දශකය පරණ විදියට නෙමෙයි
ඒත් වම් අත පිච්චුණේ මගෙ අලුත් දේකට නෙමෙයි
ආටි වැටිලා දැවුණෙ අතපය සොහොන් පිටියක නෙමෙයි
ඒ අතින් මේ ඇදුම් කන්නේ කැළල විතරක් නෙමෙයි

අධිවේග මත්තෙන් වයස ගෙවුණා තිහෙන් පස්සේ හරි ම වේගෙන්
දකුණු ඇලයෙන් සැරව ගෙඩියක් රිදුම් දුන්නා පපුව පැත්තෙන්
දශකයට එක කැළල ගානේ මෙලෙස ඇවිදින් ඉන්න ගත්තෙන්
හදවතත් දැන් ඒවා එක්ක ම දිවි ගෙවන්නට පුරුදු වෙද්දෙන්

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...